“අපේකම” තම යහපත් සිතුවිල්ල කරගත් පෝරුතොට පියතුමා

61

රටක සහජීවනය පූර්ණ වන්නට සැමදෙනාගේම එකමුතුකම අවශ්‍ය වේ. ඒ සඳහා දහමින් ලබාගත හැකි පිටුබලය අතිමහත්ය. එහි සැබෑ හරය යථාර්ථවාදීව සිතුම් – පැතුම් සමග එක්වන විට, ක්‍රියාවට නංවන සියල්ල ආත්ම තෘප්තියට හේතු වේ. සමාජයට ද ඵලදායී වනු නොඅනුමානය.

පූජක දිවිය දහමේ පෝෂණය උදෙසා අසීමිතව කැප කරමින්, ලේඛනය, ග්‍රන්ථකරණය, සිංහල සිනමාව වෙනුවෙන් ද අර්නස්ට් පෝරුතොට පියතුමා වෙතින් සිදුවූ සේවය අමිලය. සෑම දෙනාවම පොදුවේ පිළිගනිමින් විශ්වාසනීයත්වය තහවුරු කර ගනිමින් ගෙනගිය ජීවන රටාව සිත් ගන්නා සුළු විය. කා සමගත් මිත්‍රශීලීව, පොඩි මිනිසුන් හඳුනා ගැනීම, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාදීමට නිහඬව මැදහත් වීම, තරුණ කොටස් වෙත විශේෂාකාර වූ අවධානයකින් කටයුතු කිරීම, අග – හිඟකම් ඇති දරුවනට ඉගෙනීමට අත-හිත දීම භේදයකින් තොරව සිදු කරන ලදී. ආගමික සංහිඳියාව උදෙසා ද දේශීය සංස්කෘතියට අනුගතව ක්‍රියා කිරීම ද සෘජු තීරණයන්ට එළඹ, නිර්භීත ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කිරීමේ සත්ගුණවත් ලක්ෂණ උන්වහන්සේගේ නිර්මල ජීවිතය පහන් කළ සාධක වෙති.

පියතුමා විසූ තැන්හී දොරටු සැමවිටම විවෘතව තැබිණි. ස්වර්ගස්ථ වන තෙක්ම එය නොවෙනස්ව පැවතුණි. දෛනික වැඩ සැලසුමෙහි මහිමය අත්දකින කල අපේ ජීවිතවලට ආදර්ශ කොට ගත හැකි බොහෝ දේ පියතුමා වෙතින් දිස්විය. උන්වහන්සේගේ පැවිදි ජීවිතය තුළත්, සමාජ ක්‍රියාකාරකම් වෙතිනුත් හිඩැසක් දැකීම ඉතාමත් අපහසු විය. ජනතා ප්‍රසාදය අත්පත් කර ගැනීමේ රහසත් එයමය. හොඳ හිත, නිබඳවම උදව් කිරීමට තිබූ දැඩි වුවමනාව, තම අපේක්ෂාවන් ඉටුවන තෙක් පසුවිපරමන යෙදීම අදහාගත නොහැකි ගති පැවතුම් වූහ.

ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය විසින් හැත්තෑව දශකයේ ගන්නා ලද සුවිශේෂිත පත්වීමකට අනුව වර්ෂ 1972 වසරේදී අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ශ්‍රී ලංකා ශාඛාවෙහි (OCIC) පළමු ජාතික අධ්‍යක්ෂ ධුරය පියතුමා වෙත භාර දෙන ලදී. එවකට උන්වහන්සේ කැලණිය මීසම් සේවක ලෙසින් පෑලියගොඩ පල්ලියේ විසූ අවධිය ය. එලෙස ඇරඹුණු ස්වර්ණමය මෙහෙවර දස වසරක් පුරා ක්‍රියාවට නැංවූයේ චිත්‍රපට සංස්ථාව වෙතින් පවා ඉටු නොකළ කාර්යභාරයක් සිදු කරමිනි. විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ කාලීන පියවර පියතුමා දියත් කළ සැලසුම් මත සිදුවීම කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නොවන්නේය. චිත්‍රපට සංස්ථාවෙන් පවා සිදු නොකළ ජාතික මෙහෙවර පෝරුතොට පියතුමා විසින් ඉටු කළ බව ඉතිහාස ගතවනු ඇත.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා විශ්වවිද්‍යාල මට්ටමින් සිනමාව ගැන විවිධ වූ සම්මන්ත්‍රණ පවත්වා, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදුන් පන්නරය හා දැනුම අතිමහත්ය. අපේ චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා යැවීමේ කාර්යභාරය පියතුමාගේ මැදිහත්කම තුළ ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය මගින් සිදු කිරීම අපේ සිනමාවේදීන්ට දැක්වූ විශේෂ සැලකිල්ලක් විය. ඉන් ලාබගත් ජයග්‍රහණ මවුබිමට අත්කර දුන් උපහාර වනු ඇත.

සිනමා කර්මාන්තය බිඳ වැටීමකට ලක්ව තිබෙන බාධක සහිත වකවානුවක. අර්නන් පෝරුතොට පදනම දියත් කරන්නට අපේක්ෂිත වැඩපිළිවෙළේ පළමුවැන්න අගෝස්තු මස 31 වන දින (92 වන උපන්දින) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිනමාව පාදක කොට ගෙන පැවැත්විණි.

රූපර ප්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment