බියර් බීපු කපුවා කපෝති

1201

පේරාදෙණිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේවාලයක පූජාවක් පැවැත්වීමට කොළඹ සිට පැමිණි පුද්ගලයකු සමඟ රාත‍්‍රියේ බීර පානය කර නිදාගත් කපුරාල සහ අතවැසියා පසුදා අලූයම අවදිවී බලන විට කොළඹ සිට පැමිණි පුද්ගලයා රුපියල් ලක්‍ෂ ගණනක දේපළ සහ මුදල් සමඟ අතුරුදන් වී ඇත.

කපුවා පේරාදෙණිය පොලිසියේ සහාය පතමින් පැමිණිල්ලක් කර තිබේ.

මුදලින් රුපියල් 120,000ක් පමණද රුපියල් ලක්‍ෂ 11කට අධික වටිනා රන් ආභරණ සහ රුපියල් 55,000ක් වටිනා ජංගම දුරකථනයක්ද පූජාවට පැමිණි පුද්ගලයා සමඟ අතුරුදන්වී ඇත. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. කේ. රත්නායක මහතාගේ උපදෙස් අනුව පේරාදෙනිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. විජිත විජේකෝන් මහතා විමර්ශන සිදුකරයි.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment