බෙරව කුලයේ අපූර්වය සොයා යන ‘යක්ඛ නාද’

1322

සඳ ගොම්මන් රෑ, අළු වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය නිර්මාණය කළ චානික පෙරේරා රංතිලි වැව ටෙලි නාට්‍යයට පසු නිර්මාණය කරන නවතම ටෙලි නිර්මාණය වන්නේ ‘යක්ඛ නාද’ ය. නිර්මාණකරුවෙක්ට කලාතුරකින් අසුවන මාතෘකාවන් ඔස්සෙ ස්වකීය කලාව හසුරුවන චානික පෙරේරා “යක්ඛ නාද” ඔස්සේ මේ රටේ පැවත එන බෙරවා කුලයේ මිනිසුන්ගේ අපූරු කතාවක් ටෙලිවිෂනයට මෙවර ගෙන එයි. වසර හයක පමණ පර්යේෂණයකින් පසු තිර රචනා කර තිබෙන “ යක්ඛ නාද” මුල් අධියරේ රූගත කිරීම් සාර්ථකව අවසන් කර සංස්කරණ අවධියේ මේ වන විට පසුවන බව සඳහන් කරන චාමික තම නව නිර්මාණය පිළිබඳ මෙසේ පවසයි.

බෙරව කුලයේ අපූර්වය සොයා යන 'යක්ඛ නාද'

“යක් බෙරයට තවත් නමක් යක්ඛ නාද. අපි මේ ටෙලි නාට්‍යයේ කතාව ගොඩ නැගෙන්නෙ යක් බෙරේ ඉතිහාසය සහ ඒ සමග බැඳුණ බෙරව කුලයත් එක්ක. අපි දන්නවා මේ රටේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ බෙර ගහන මිනිස්සු නැතිව කිසිම දෙයක් කරන්න බෑ. මඟුලක අවමඟුලක දානයකට පවා බෙරය අත්‍යවශ්‍යයි. හැබැයි මේ මිනිස් කණ්ඩායම අපිට කොච්චර ඕන වුණත් තාමත් සමාජය තුළ හොඳ පිළිගැනීමක් නෑ.”

බෙරව කුලයේ අපූර්වය සොයා යන 'යක්ඛ නාද'

ඉතින් පහතරට යක් බෙරය මූලික කරගත්ත මේ කතාව ඉදිරියට යන්නෙ බෙරව කුලයේ ගම්මානයක් ආශ්‍රීතව ඇතිවන කුල සම්බන්ධව ගැටුමක් එක්ක. එතනදි ලස්සන ආදර කතාවකුත් මේකෙ ගලාගෙන යනවා. යක්ඛ නාද ටෙලි නාට්‍යයේ එන ප්‍රධානම චරිතය තමා සූරිය ඇත්ති කියන චරිතය. එයා තමයි බෙරව කුලය නමැති ගම්මානය ආරක්ෂා කරගෙන ඉන්නෙ. යක්ඛ නාද නමැති බෙරය සමග ඇය ගම්මානය ආරක්ෂා කරන්නෙ යක්ෂයෙක් සමග. මේ සුවිශේෂී චරිතය නිරූපණය කරන්නෙ ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා. ඇයගේ ප්‍රතිවාදියාගේ චරිතය නිරූපණය කරන්නේ ජනක් ප්‍රේමලාල්. කොටස් අසූවකට මේ කතාව අපි ගොනු කරන්නයි බලාපොරොත්තුව.” බව චාමික සඳහන් කරන්නේය.

බුද්ධික මංගල කැමරාවට නගන සමන්ත පෙරේරා සංගීතවත් කරන “යක්ඛ නාද” ටෙලි නාට්‍යයේ කතාව ගලා යන්නේ 1950 දශකයේ සිට 1970 දශකය දක්වා කාල පරාසය තුළ පැවති සමාජ පසුබිම නිරූපණය කරමිනි.

  • තිස්ස
බෙරව කුලයේ අපූර්වය සොයා යන 'යක්ඛ නාද'
advertistmentadvertistment
advertistmentadvertistment