බොක්සිං දැරියට මුල්‍ය ප‍්‍රදානයක්

380

පාකිස්තානයේ පැවැත්වෙන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියකට සහභාගී වීම සඳහා මුලතිව් දැරියක් සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව අදාළ දැරිය සඳහා මූල්‍ය ප‍්‍රදානයක් දමිළ විරුත්සම් නමැති සිවිල් සංවිධානය විසින් පසුගියදා සිදු කරන ලදි.

මුලතිව් දිස්ති‍්‍රක්කයේ ඔඞ්ඩුසුඩාන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කට්ටමුරිප්පු පුදියනගර් ගම්මානයේ ජීවත් වන ගනේෂ් ඉංදුකා දේවී නම් දැරිය මෙසේ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ.

ආර්ථික දුෂ්කරතා හමුවේ සිය පියාද අහිමිව කී‍්‍රඩා කටයුතු සිදු කරනු ලබන මෙම දැරියගේ කී‍්‍රඩා කෞෂල්‍ය නැංවීම හා ඇය ජාත්‍යන්තර තරග ජයග‍්‍රාහිකාවක් බවට පත් කිරීම අරමුණු කොටගෙන ඇය සඳහා විවිධ සිවිල් සංවිධාන හා පුද්ගලයන් විසින් මෙසේ අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

මුලතිව් ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment