මන්ත‍්‍රීන් බිලීබෑම මේ රාජපක්‍ෂත් පටන් ගත්තා: ජනපති සමග ඉදිරි සාකච්ඡාවලට යන්නේ නෑ

516

වත්මන් ජනාධිපතිවරයා පෙර රාජපක්‍ෂවරුන්ගෙන් වෙනස් යැයි අප කල්පනා කළත් ඔහුද මන්ත‍්‍රීවරුන් බිලිබා ගැනීමේ ක‍්‍රියාදාමයේ යෙදී සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘‘දිවයින’’ට ඊයේ (12 දා) පැවසීය.

තම පක්‍ෂයේ කිසිවකු මුදල්වලට, ආණ්ඩුවේ ඇමැති වරදාන, වරප‍්‍රසාදවලට ගිජුව පක්‍ෂයේ සාමූහික තීරණයට පටහැනිව කටයුතු කරන්නේ නම් ගතහැකි උපරිම පියවර ගන්නා බවද ඔහු කීය.

රටේ අර්බුදය සමථයකට පත්කිරීම සඳහා අන්තර් පාලන රජයක් බිහිකිරීමට සාකච්ඡුා කරන අතරතුර ජනාධිපතිවරයා මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම නිසා ඔහු සමග පැවැත්වෙන ඉදිරි සාකච්ඡුාවලට සහභාගි නොවීමට තීරණය කර ඇති බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

මේ අනුව පොහොර නිෂ්පාදන, සැපයුම් නියාමන හා බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණ රාජ්‍ය ඇමැති ධුරය සඳහා පෙරේදා (11 දා) දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ශ‍්‍රීලනිපය තුළ දැරූ ප‍්‍රචාරක ලේකම්, උප ලේකම්, මධ්‍යම කාරක සභික, දඹදෙනිය ආසන සංවිධායක සහ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බවත් ඒ පිළිබඳව ඔහුට ලිඛිතව දැනුම්දෙන බවත් දයාසිරි ජයසේකර මහතා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment