මරණ තර්ජන කතාව චිත්‍රපටය තිරගත කරන්න ගහපු ගේමක්ද?

152

කිසී කා බායි – කිසී කා ජාන් කොපියක්ද?

බොලිවුඩය කළඹවන සුපිරි ඛාන් ත්‍රිත්වයේ ජනප්‍රියම තරුවක් තමයි සල්මන් ඛාන් කියන්නේ. වසර දෙකක පමණ නිහැඬියාවකින් පසුව ඔන්න සල්මන් ඛාන් සුපිරි සිනමාපටයකින් රිදී තිරය ගිනිතියන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි කිසී කා බායි කිසී කා ජාන් චිත්‍රපටය. සල්මන් ඛාන් රඟපාන බොහෝ සිනමාපට බොක්ස් ඔෆිස් වාර්තා තියනවා. ඒ නිසා හැමෝම විශ්වාස කරන්නේ මේ චිත්‍රපටයත් ඒ වගේම සාර්ථක එකක් වෙයි කියලා. 2023 පෙබරවාරියේ තිරගත කිරීම් ආරම්භ කළ ශාරුක් ඛාන්ගේ පතාන් සිනමාපටය අතිසාර්ථක වුණා. ඒ නිසා මේ පාර සල්මන්ට ශාරුක්ගේ පතාන් චිත්‍රපටයේ ආදායමත් එක්ක ලොකු ෆයිට් එකක් තියේවි. දැනටමත් ඔහු සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. ඒ නිසා පතාන් තරම් නැති වුණත් හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේකට ලැබෙයි කියල විචාරකයන් කියල තියෙනවා.

මරණ තර්ජන කතාව චිත්‍රපටය තිරගත කරන්න ගහපු ගේමක්ද?

සල්මන් ඛාන්ගේ සුපිරි ක්‍රියාදාම ඇතුළත් මේ චිත්‍රපටය ඔහුගේම නිෂ්පාදනයක්. ෆර්හාඩ් සම්ජි විසින් අධ්‍යක්ෂණය කරන මෙය 2014 වසරේ තිරගත වූ අති සාර්ථක දමිළ සිනමාපටයක් වන වීරම් චිත්‍රපටය ඇසුරු කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ චිත්‍රපටය නිර්මාණය කළේ සුපිරි අධ්‍යක්ෂ සිවා විසින්. සල්මන් ඛාන් එක්ක මේ චිත්‍රපටයේ වෙන්කටේෂ්” පූජා හෙඩ්ගේ සහ ජගපති බාබු ප්‍රධාන චරිත රඟපානවා. ඔවුන්ට අමතරව ජසී ගිල්” රාගව් ජුලාව්” සිද්ධාර්ත් නිගම්” භූමිකා චව්ලා” භාග්‍ය ශ්‍රී” ෂෙහනාස් ගිල්” අභිමන්‍යු සිං” විජේන්ද්‍ර සිං” සූරජ් පංචෝලි” කරන් කපූර්” පලක් තිවාරි” අම්රිතා පූරි සහ හිමාංශි කුරානා චිත්‍රපටය තුළින් ඔබ හමුවට එනවා. 2022 මැයි මාසයේ රූගත කිරීම් ආරම්භ කරපු කිසී කා බායි කිසී කා ජාන් සිනමාපටයේ වැඩකටයුතු අවසන් වුණේ 2023 පෙබරවාරි මාසයේ. කොහොමහරි ඔන්න මේ අප්‍රේල් මාසයේ එයිඩ් දිනයට සමගාමීව 21 වැනිදා සිට චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා.

මරණ තර්ජන කතාව චිත්‍රපටය තිරගත කරන්න ගහපු ගේමක්ද?

පහුගිය දවස්වල චිත්‍රපටයේ ගීත කිහිපයක්ම යූ ටියුබ් වෙත මුදාහැරුණා. බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රිය වූ මෙහි ගීත වෙනුවෙන් සංගීත නිර්මාණය කර තිබෙන්නේ හිමේෂ් රෙෂ්මියා” සුක්බීර්” අමාල් මලික්” රවී බාසුරු සහ පයාල් දේව් විසින්. මෙහි එන එක් ගීතයක් සල්මන් ඛාන් විසිනුත් ගායනා කර තිබෙනවා. මුම්බායි” හයිද්‍රබාද් වැනි ස්ථානවල රූගතකර ඇති සිනමාපටය අතිශය සුන්දර දර්ශන තලවලින් යුක්තයි කියල තමයි සල්මන් ඛාන් කියල තිබුණේ. 2020 වසරේ කබී එයිඩ් කබී දීවාලී යන නමින් රූගත කිරීම් ආරම්භ කරන්න හදපු මේ චිත්‍රපටය කොවිඩ් තත්ත්වයත් එක්ක රූගත කිරීම් කල් දාන්න නිෂ්පාදක කණ්ඩායම තීරණය කළා. පස්සෙ කාලෙක බායිජාන් යන නමින් මේක නම් කළත්” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වෙනකොට මෙහි නම කිසී කා බායි කිසී කා ජාන් විදිහට වෙනස් වෙලා තිබුණා.

මරණ තර්ජන කතාව චිත්‍රපටය තිරගත කරන්න ගහපු ගේමක්ද?

සල්මන් ඛාන් කියන්නේ නිතර නිතර පුවත් මවන කෙනෙක්. ඒ වගේම මේ දවස්වල ඔහුට බොහෝ මරණ තර්ජන පවා එල්ල වනවා. එළැඹෙන අප්‍රේල් 30 වැනිදාට ඔහුව ඝාතනය කරන බවට එක් පුද්ගලයෙක් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. මේ නිසා සල්මන් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලදී ගොඩක් පරිස්සම් වනවා. සමහරු නම් කියන්නේ මේකත් සල්මන්ගේ එක්තරා විදිහක ප්‍රවර්ධන ක්‍රමෝපායක් කියලයි. මෙවර ඔහු තමන්ගේ චිත්‍රපටය ඇතුළේ අලුත් තරු කිහිපයකටම අවස්ථාව දීලා තියනවා. ඒ අතර පුංචි තිරයේ අතිශය ජනප්‍රිය සිද්ධාර්ත් නිගම් සහ ප්‍රවීනා විදිහට ඔබ හඳුනන ස්වේතා තිවාරිගේ දියණිය පලක් තිවාරිත් ඉන්නවා. සල්මන් ඛාන් පලක් තිවාරි එක්ක සම්බන්ධතාවක් තියෙනවා කියලත් සමහරු කටකතා පතුරවන්න පහුගිය කාලෙ කටයුතු කරල තිබුණා. නමුත් පලක් තිවාරි කියලා තිබුණේ සල්මන් ඛාන් මහත්මයෙක් විදිහට තමන්ට උදව් කළා විතරයි කියලා. මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ එයාලම විතරයි.

මරණ තර්ජන කතාව චිත්‍රපටය තිරගත කරන්න ගහපු ගේමක්ද?

කොහොම නමුත් කාලෙකට පස්සේ තිරගතවන සල්මන් ඛාන්ගේ කිසී කා බායි කිසී කා ජාන් සිනමාපටය තිරයට එනකල් ප්‍රේක්ෂකයන් ඉන්නේ නොඉවසිල්ලෙන් හිටියේ. සමහරුනම් කියන්නේ මේක සල්මන්ගෙ ජීවිතේ වැඩිම ආදායමක් උපයපු සිනමාපටය බවට පත් වෙයි කියලා.

අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment