මහජන බැංකුව යළිත් ‘ද බෑන්කර් ලොව විශිෂ්ටතම බැංකු 1,000’ අතරට

102
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව, එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් (The Banker) සඟරාව විසින් යළිත් වරක් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ඇතුළත් කර තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීමත් සමඟින්, ලොව ප්‍ර‍මුඛතම බැංකුවක් ලෙස මහජන බැංකුව ගොඩනඟා ගෙන ඇති ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වෙයි.

ලන්ඩන් නුවර Financial Times විසින් 1926 වසරේ සිට ප්‍රකාශයට පත්කරන The Banker සඟරාව රටවල් 180ක් වෙත බෙදා හැරේ. ප්‍ර‍ධාන වශයෙන් ඒකාබද්ධ ස්ථර 1

ප්‍රාග්ධනය (Consolidated Tier 1) පදනම්ව විශිෂ්ටතම බැංකු 1000 ශ්‍රේණිගත කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘අප ගතකරමින් සිටින්නේ කොවිඩ් 19 වසංගතයෙන් පසු එල්ල වූ අහිතකර බලපෑම් ඇතුළුව විවිධ දුෂ්කරතාවයන්ට රට මුහුණ දෙමින් සිටින කාලයක්. මෙවන් අභියෝගාත්මක වටපිටාවක් මධ්‍යයේ මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට එක් වීම අප ලැබූ තවත් සුවිශේෂී ජයග්‍ර‍හණයක්. ඉතාමත් අසීරු කාල වලදි පවා බැංකුව අඛණ්ඩව සහ ශක්තිමත්ව සිය සේවාවන් පිරිනැමීම මෙමඟින් පිළිඹිබු වන අතර, දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් අපගේ ස්ථාවරත්වයද තහවුරු වනවා. අනාගතය දෙස බැලූ කළ, ඇතිවිය හැකි අභියෝග රැසක් මධ්‍යයේ වුවත් රජය ගන්නා සෑම උත්සාහයකදීම ඊට සහාය ලබාදීමටත්, රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට මහජන බැංකුව හැකි සෑම පියවරක්ම ගන්නවා.’

මහජන බැංකුවේ ප්‍ර‍ධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා ‘ශ්‍රී ලංකාව සහ බැංකු පද්ධතිය මේ වන විට පෙරනොවූ විරූ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා. එවැනි තත්ත්වයක් මධ්‍යයේ යළිත් වරක් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට එක්වීමට ලැබීම තුළින්, මහජන බැංකුවේ ශක්තිය සහ ස්ථාවරත්වය මනාව තහවුරු වෙනවා. අනාගතය දෙස බලා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත්, සෙසු තීරණාත්මක වෙළඳපොළ කොටස්වලටත් සහාය ලබාදීම සඳහා අප සැලකිය යුතු සම්පත් ප්‍ර‍මාණයක් වෙන් කර තිබෙනවා. අප ව්‍යාපාරයේ සියලුම ප්‍රධාන අංශ නව තාක්ෂණයෙන් බලගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන අතර, බැංකුවේ සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා.’ ලොව විශාලතම බැංකු ආයතන 5000කට වැඩි ප්‍ර‍මාණයක, තොරතුරු අන්තර්ගත දත්ත ගබඩාවක් තුළින් The Banker සඟරාවේ ලොව විශිෂ්ටතම බැංකු 1000 වාර්ෂිකව තෝරාගන්නා අතර, මෙය ලොව ශක්තිමත්ම බැංකු හඳුනාගන්නා ලොව සුවිශේෂි මඟපෙන්වීමක් ලෙස සැලකේ.

මේ වන විට මහජන බැංකුව මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.0 ඉක්මවා ඇති අතර, මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.3 කි. මුළු ණය අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 1.8කි. 2022 මාර්තු 31 වැනිදා වන විට බැංකුවේ ස්ථර 1 ප්‍රාග්ධනය (Tier I) සහ සමස්ත ප්‍රාග්ධන ප්‍ර‍මාණාත්මකතා අනුපාතය (Total Capital Adequacy Ratio) පිළිවෙලින් 11.04%ක් සහ 15.72%ක් වූ අතර, තරඟකාරී ආයතන හා සැසදීමේදී එය මෙරට ඉහළම අනුපාතය වේ. (2021 වසර අවසානයේ 12.6% සහ 17.83%)

advertistmentadvertistment
advertistmentadvertistment