මේ වසරේ පළමු මාස පහේ විදේශ  විනිමය ප්‍රේෂණ 50% කින් පහළට

102

මේ වසරේ (2022) පළමු මාස පහේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ගිය වසරේ (2021) පළමු මාස හතට සාපේක්‍ෂව 50% කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2021) ජනවාරි මස සිට ජුලි මස දක්වා මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 3777.6 ක විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2022) ජනවාරි සිට ජුලි දක්වා මාස හතක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1889.4 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

එසේම ගිය වසරේ (2021) ජුලි මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 453.3 ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2022) ජුලි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 279.5 ක් දක්වා සියයට 38 කින් ද පහත වැටී ඇති බව මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක දැක් ්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment