QR නිසා මසකට තෙල් නැව් 6ක් රටටම ඇති – බලශක්ති අමාත්‍යාංශ නිලධාරියෙක් කියයි

203

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම නිසා මාසයකට පෙට්‍රල් නැව් 03 ක් හා ඩීසල් නැව් 03 ක් ප්‍රමාණවත් යැයි බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ අනුව මෙටි්‍රක් ටොන් 35,000 බැගින් පෙට්‍රල් නැව් 03 ක් සහ මෙටි්‍රක් ටොන් 40,000 බැගින් ඩීසල් නැව් 03 ක් ප්‍රමාණවත් බව ද මේ සඳහා රජයට ඇමරිකන් ඩොලර් මිලියන 230කට ආසන්න වියදමක් දැරීමට සිදුවන බව ද ඒ මහතා කියා සිටියේය.

සිපෙට්කෝ ආයතනය සතුව රට පුරා ඉන්ධනහල් 1200 ක් ද, ඉන්දියන් ඔයිල් සමාගම සතුව ඉන්ධනහල් 225 ක් පමණ ද පවතින බව පැවසූ හෙතෙම ූඍ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු ඇතැම් ඉන්ධනහල් එම ක්‍රමවේදයට අනුකූල නොවන ආකාරයට කටයුතු කරන බව නිරීක්‍ෂණය වූ බවත්, එම ස්ථානවලට ූඍ සංකේත පරීක්‍ෂා කර ඉන්ධන ලබාදීම සිදුකරන ලෙස උපදෙස් ලබාදුන් බවත් පැවසීය.

ඉන්දියන් ඔයිල් සමාගම ද මසකට ගෙන්වන පෙට්‍රල් සහ ඩීසල් නැව් දෙකත් මීට අදාළ කරගත් බවත්, ඉන්දියන් ඔයිල් සමාගම ගෙන්වන ඉන්ධනවලින් සියයට 95 ක් ගොඩබෑම, ප්‍රවාහනය ඇතුළු පහසුකම් සිදු කරනු ලබන්නේ තෙල් සංස්ථාව මගින් බවත් පැවසූ ඒ මහතා ත්‍රිකුණාමලයේ සිට මෙහෙයුම් සිදු කරනු ලබන්නේ සියයට 05 ක් පමණ බව ද කියා සිටියේය.

රට පුරා සියලුම ඉන්ධනහල්වලට රැගෙන යන ඉන්ධන ප්‍රමාණය සහ ූඍ ක්‍රමයට කොපමණ ඉන්ධන ලබා දී තිබේද යන්න ඇතුළු සියලු දත්තයන් සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට නිරතුරුවම තොරතුරු ලැබෙන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment