මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ අභිනන්දන ප‍්‍රණාම තිළිණ ප‍්‍රදානෝත්සවය

33

මහජන බැංකු නිලධාරින්ගේ සංගමය විසින් සිය සාමාජික දූ පුතුන්ගේ විශිෂ්ට අධ්‍යාපන කුසලතා අගයමින් 21 වන වරටත් සංවිධානය කරන ලද ‘අභිනන්දන ප‍්‍රණාම 2023’ කුසලතා ඇගයීම් සහ තිළිණ ප්‍රදානොත්සවය කොළඹ 01, කිංග්ස්බරි හෝටලයේදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙහිදි 2021 සහ 2022 වර්ෂයන් තුළ 5 වසර ශිෂ්‍යත්ව, අ.පො.ස (සා.පෙළ), අ.පො.ස(උසස් පෙළ), විභාගයන්ගෙන් විශිෂ්ට අධ්‍යාපන කුසලතා පළ කල මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ දූ පුතුන්ට තිළිණ සහ සහතිකපත් පිරිනැමිණි. එමෙන්ම විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට උපහාර පුද කළ ‘අභිමන් ගෞරව සේවා උපහාර’ වැඩසටහන සහ මහජන බැංකුවේ නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ද මෙදින පැවැත්විණි.

මේ අවස්ථාවට මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ ගරු සභාපති නලින් පතිරණගේ – සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු), ගරු ලේකම් අනුර පෙරේරා – සහකාර සාමාන්‍යාධිකාරි (අවදානම් කළමනාකරණ සහ ණය පාලන) යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරින්, විශ්‍රාමික හා වත්මන් සාමාජික සාමාජිකාවන් සහ දූ දරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment