මහාචාර්ය රංජිත්ගේ ක්‍රිකට් හාදකම සභාගත කෙරේ

218

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතුවලට අදාළ ලිපිගොනු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16 දා) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සභාපතිවරයා ක්‍රිකට් ආයතනයට පක්ෂපාතීව කටයුතු කළේ ඇයිදැයි යන්න මෙම ලිපිගොනු මගින් තහවුරු කළ හැකි බව ද හෙතෙම කීය.

විවිධ කාරක සභාවන්හි සභාපතිවරුන්ගේ ක්‍රියාකලාපය සොයා බැලීම කථානායකවරයාගේ වගකීමක් බවත් ඇතැම් අය එහිදී දක්වනු ලබන හස්ත සංඥා පිළිබඳව ද සරල අදහස් දීම ඔහුගේ වගකීමක් බවත් හෙතෙම පැවසීය.

විපක්ෂ නායක ඊයේ දින හදිසි කෝප් කමිටු රැස්වීමක් සාමාජිකයන්ට පමණක් කැඳවා ඇතැයි ද සිකුරාදා දින එලෙස කැඳවීම හේතුවෙන් රවුෆ් හකීම් සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන්ට ඊට සහභාගි වීමට නොහැකි වන බව ද හෙතෙම කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment