මහේලට සහ සහීර්ට මුම්බායි ඉන්දියන්ස් ගෝලීය තනතුරු දෙකක්

295

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා ව්‍යාපාර සමූහයේ ගෝලීය කාර්යසාධන ප්‍රධානී වශයෙන් පත් කර ඇත.

ඔහු මෙතෙක් කලක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර නව ගෝලීය කාර්ය සාධන ප්‍රධානී තනතුරේ වැඩ භාර ගැනීම සඳහා එහි පුහුණුකරු ධුරයෙන් ඉවත් වී ඇත.

මහේල ජයවර්ධන මහතාට අමතරව හිටපු ඉන්දීය වේග පන්දු යවන්නෙකු වන සහීර් ඛාන් මහතා මුම්බායි ඉන්දියන්ස් සමූහයේ ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා ලෙස පත් වීම් ලැබ ඇත.

මුම්බායි ඉන්දියන්ස් සන්නාමය සහිතව නව ගෝලීය ක්‍රිකට් උරුමයක් ගොඩනැගීමේ අරමුණින් මහේල ජයවර්ධන සහ සහීර් ඛාන් යන මහත්වරුන්ට එම පත් කිරීම් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මුම්බායි ඉන්දියන්ස්  සමාගමේ හිමිකරුවන් වන රිලයන්ස් ව්‍යාපාර සමූහයේ සභාපති ආකාශ් අම්බානි මහතා පවසන්නේ, තම කණ්ඩායමේ ප්‍රධාන වගකීම් දරන්නන් ලෙස මහේල සහ සහීර් පත් ව සිටීම ගැන ඔවුන් සතුටු වන බවත් ඔවුන් දෙදෙනාම මුම්බායි ඉන්දියන්ස් පවුලේ හිටපු වැදගත් සාමාජිකයන් බවත්ය.

එමෙන්ම ගෝලීය වශයෙන් ඔවුන්ගේ සියලුම කණ්ඩායම් හරහා එකම ආකාරයේ ප්‍රවාහයන් ඇති කිරීමටත්, ලොව පුරා ක්‍රිකට් පද්ධතිවල පැහැදිලි වෙනසක් ඇති කිරීමටත් මෙම පත්වීම හේතුවනු ඇතැයි ඒ මහතා විශ්වාසය තබා තිබේ.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment