මහ බැංකු අධිපති ලොව A ශ්‍රේණියට

255

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ.නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එලෙස ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.

advertistmentadvertistment
advertistmentadvertistment