මානුෂීය ආධාරවලට අගමැති ඉන්දියාවට තුති පුදයි

108


ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර සඳහා ස්තුතිය පළකරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශකර ඇත.රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය රජය සහ එරට ජනතාව දැක්වූ අනුග‍්‍රහය අගය කරන බවද අගමැතිවරයා සඳහන්කර ඇත.තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා සහ තමිල්නාඩු ජනතාව විසින් රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත් සහල් මෙටි‍්‍රක් ටොන් 9,000ක් කිරි පිටි මෙටි‍්‍රක් ටොන් 50ක් ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ මෙටි‍්‍රක් ටොන් 25ක් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරන ලදි.මෙම මානුෂීය ආධාර ඉකුත් 22 වැනිදා කොළඹ වරයාට පැමිණි අතර ඒවා ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ශ‍්‍රී ලංකා රජයට භාරදෙන ලදි.එම පරිත්‍යාගයන් භාරගැනීම විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස්,වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා ලංකා කම්කරු කොංග‍්‍රස් පක්ෂ නායක සෙන්තිල් තොණ්ඩමාන් යන මහත්වරු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment