මාර්ගගත ක්‍රම පනතට විපක්ෂ නායකගේ විරෝධය

202


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පතක් ගෙන ඒම තුළින් රටට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට එක්වෙමින් මේ බැව් පැවසීය.

මේ වනවිටත් ගූගල්, ෆේස්බුක් වැනි ප්‍රබල සමාජ මාධ්‍ය පවා එම පනතට විරුද්ධත්වය පළ කර ඇති බවද කීවේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පතක් ගෙනල්ලා දැන් මොකද්ද වෙලා තියෙන්නේ. ඇපල්, ඇමසන්, ගූගල්, මෙටා, ආදි මේවා අඩංගු ඒෂියා ඉන්ටනෙට් කොලිෂන් එකෙන් බරපතළ විරෝධය පළ කරලා තියෙනවා. දැන් ඒවත් එළවා ගන්නද හදන්නේ. ඒවා එළවා ගෙන පුළුවන් ද රටක විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කරන්න. මොනවද මේ කරන බහුභූත ක්‍රියා යැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment