මීගොඩ ආර්ථිකයේ කොල්ලකරුවන්ට එරෙහිවූ තරුණියට වීර සම්මානයක්- රාජ්‍ය ඇමැතිනි ගීතා කියයි

2672

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩාවැදී වෙළෙඳ සලක් කොල්ලකෑ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනා මුදල් ලාච්චුවේ යතුර ඉල්ලා තර්ජනය කරද්දී එය සඟවාගෙන ඔවුන්ගේ උත්සාහය වැළැක්වූ තරුණියට ජනාධිපතිවරයා අතින් වීර සම්මානයක් පිරිනැමීමට තමා කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට (19දා) ඊයේ පැවසුවාය.

සම්මානය ඇයට ලබාදීමට පෙර එම තරුණිය සිය අමාත්‍යාංශයට ගෙන්වාගෙන සිද්ධිය පිළිබඳව වැඩි තොරතුරු විමසන බවත් අද සමාජයේ මෙවැනි වීර තරුණින් සිටීම පිළිබඳව තමා සතුටුවෙන බවත් රාජ්‍ය ඇමැතිවරිය කීවාය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment