මූලධර්මවාදීන් පසුපස යන අය කතෝලික සභාවෙන් ඉවතට

257

පල්ලියේ කනත්තත් අහිමියි
මන්නාරමේ රදගුරුතුමා කියයි

කතෝලික සභාව අත්හැර මූලධර්මවාදීන් පසුපස යන බැතිමතුන් කතෝලික සභාවෙන් ඉවත් කරන බව මන්නාරම පදවිය භාර එම්මානුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමා දිවයිනට ඊයේ (17 දා) සඳහන් කළේය.

මේ අනුව එම බැතිමතුන් මියගිය පසු ඔවුන්ට පල්ලියේ කනත්ත පවා අහිමි වන බව ද රදගුරුතුමා කීවේය.

මූලධර්මවාදී පල්ලි රටේ විවිධ පළාත්වල ක්‍රියාත්මක වන බවත් ඔවුන් ඉතා සූක්‍ෂ්ම අන්දමින් විවිධ ආගමික බැතිමතුන් ඔවුන් වෙත ඇදගන්නා බවත් රදගුරුතුමා කීවේය.

මේ තුළින් මූලධර්මවාදී පාස්ටර්ස්ලා විවිධ ආකාරයේ දේශනා සිදුකර බැතිමතුන් මුලා කරන බවද හෙතෙම කීවේය.

මේ අතර ජාඇල මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා කීවේ මෙම මූලධර්මවාදීන් කතෝලික බැතිමතුන් පමණක් නොව බෞද්ධ බැතිමතුන් පවා රවටාගෙන තිබෙන බවයි.
නෝමන් පලිහවඩන – ජූඩ් හෙට්ටිආරච්චි දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment