මෙසීගෙන් සම්මාන වාර්තාවක්

265

වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයාට පිරිනමන බැලන් ඩි’ ඕ  සම්මානය හත්වැනි වරටත් තමන් සතුකර ගැනීමට ආජන්ටිනාවේ සුපිරි පාපන්දු කී‍්‍රඩක ලයනල් මෙසී සමත්විය. එ් එම සම්මානය වැඩිම වතාවක් දිනාගත් පාපාන්දු කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

පෙරේදා (29 වැනිදා) පැවැති අදාළ සම්මාන උළෙලේදී බැලන් ඩි’ ඕ සම්මානයට හිමිකම් කීමට මෙසී සමත්වූ අතර මීට පෙර 2019 වසරේදීද එම සම්මානය දිනා ගනිමින් හය වතාවක් එය දිනා ගත් පාපාන්දු කී‍්‍රඩකයා ලෙස වාර්තා පොතට ඇතුළුවන්නට මෙසී සමත්වී සිටියේය. කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් 2020 වැනි වසරේ එම සම්මාන උළෙල නොපැවැත්වුණද එම වසරේදීද බැලන් ඩි’ ඕ සම්මානය සඳහා මෙසීගේ නම නිර්දේශ වී තිබිණි.

‘නැවතත් මට මෙම සම්මානය ලැබීම ඇදහිය නොහැකි තරම්. අවුරුදු දෙකකට කලින් මම හිතුවේ එ් අන්තිම වතාව කියලා’ යැයි සම්මාන ලැබීමෙන් පසු මෙසී මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර බැලන් ඩි’ ඕ කාන්තා සම්මානය පළමුවරට දිනා ගැනීමට බාසිලෝනා කී‍්‍රඩිකා ඇලෙක්සියා පුටෙලස් සමත්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment