මේක කොල්ලෝ හතරදෙනෙකුගේ ආතල් එකක්

1070

මම දැන් කොළඹ ඇවිල්ල හොඳ චූන් එකක් ගන්නවනේ – ‘4 චූන් Residency’ හැදූ සුපුන්

පසුගිය කාලයේ අපේ රටේ සම්මාන උළෙලවලදී දැඩි කතාබහට ලක්වුණු අඩෝ, තුම්පනේ, Metro හීන වැනි ටෙලි නිර්මාණවල අධ්‍යක්‍ෂවරයා සුපුන් රත්නායකය. තිරපිටපත් රචකයකු ද වන සුපුන් මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වුණු Human Errors හිද අධ්‍යක්‍ෂවරයා වේ. ඔහුගේ නවතම නිර්මාණය වන ‘4 චූන් Residency’ මේ දිනවල රාත්‍රි 9.00 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙය චන්දිම කනකරත්නගේ සහ ඩිල්ෂාන් එදිරිවීර බණ්ඩාරගේ නිෂ්පාදනයකි. ඉතිං සුපුන් සමග මේ කතාබහ ‘4 චූන් Residency’ ගැනය.

● ඇත්තටම සුපුන් මොකක්ද මේ චූන් එක?

මමත් ගාල්ලෙ ඉඳල කොළඹ ආපු එකෙක්නේ. මම දැන් කොළඹ ඇවිල්ල හොඳ චූන් එකක් ගන්නවනේ. මම ඒ කාලේ කොළඹ කුලියට පදිංචිවෙලා හිටියා. 4 චූන් Residency කියලා තැනක. මම ඒක දෙකට කැඩුවා. 4 කියන්නේ හතර චූන් කියන්නේ ආතල් කියලා. ඒ කියන්නේ කොල්ලො හතර දෙනෙක්ගෙ ආතල් කියලා.

මේක කොල්ලෝ හතරදෙනෙකුගේ ආතල් එකක්

අනික අපිට ජීවිතයෙ හම්බවෙනවානේ අවුරුදු 25 මහල්ලෝ සහ අවුරුදු 75 තරුණයෝ. ඉතිං මට හිතුණා මේ වගේ වැඩක් කළොත් මාර ආතල් එකක් තියේවි කියලා. ඒක තමයි ‘4 චූන් Residency හැදෙන්න වස්තු බීජය වුණේ.

● ඔබේ ජීවිතයේ පුද්ගලික අත්දැකීමක් පිටපතකට අරගෙන නිර්මාණය කරනවා. එහෙමද?

මේක ඇතුළෙ මම කොළඹ ඇවිත් ගහපු ගේමක් තියෙනවා. හැබැයි මම කොළඹ ඇවිල්ල ගහපු ගේම තනි චරිතයක් ඇතුළෙ නෙමෙයි. අර මුලින් කතා කරපු චරිත සියල්ලේම හැකිලුම තියෙනවා. මොන රචකයා ලිව්වත් එයාගේ ජීවිතයට බද්ධ වුණු කෑලි ටිකක් නිර්මාණයට එනවානේ.

● මේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නාලිකාව පැත්තෙනුත් ඉතාම හොඳ වෙළෙඳ වටිනාකමක් ලැබිල තියෙනවා. අනික මේකෙ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 38 දෙනෙක් වැඩ කරනවා. සමහර වෙලාවට ඒගොල්ලොත් මගෙන් අහනවා කොහොමද මේ කට්ටිය අරගෙන මේ බජට් එකට වැඩ කරන්නේ කියලා.

● ඇයි එවැනි නළු නිළියෝ ප්‍රමාණයක් ගත්තේ?

මට චරිතයකට නළු නිළියෙක් ඕනෑ වුණාහම මම ගන්නවා. ගොඩක් වෙලාවට මගේ ජීවිතයේ වෙලා තියෙන්නේ, නිෂ්පාදනය ඉවර වෙනකොට මගේ අධ්‍යක්‍ෂකට ගෙවීම මගේ පිටපතට ගෙවන ගෙවීමෙන් තමයි කැපිලා ඉවරවෙලා තියෙන්නේ. ඒකට මම දුක්වෙන්නේ නැහැ. මම මේක කරන්නේ සතුටු වෙන්න. ජීවත් වෙන්න සහ අපේ පවුල බලාගන්න, මගේ බිරිඳට ඉතාම හොඳ පඩියක් තියෙන ලොකු රැකියාවක් තියෙනවා. ඒක ඇතුළෙ ඒ ටික බැලන්ස් කරගන්න පුළුවන්. එයත් කියන්නෙ ගෙදර ගැන හිතන්න එපා කියලයි.

● සුපුන්ගේ වැඩවලදී දස්සාට චරිතයක් තියෙනවාමයි නේ?

අනිවාර්යයෙන්ම දස්සාට, ශලනි, සමනලී, ජයනි අක්කා, ශ්‍යාම් ප්‍රනාන්දු වගේම මධුර ප්‍රභාෂ්වරට චරිත තියෙනවා.

● මේ චරිත ඔළුවෙ තියාගෙනම ද පිටපත ලියන්නේ?

මම හිතන්නෙ වෙන්න ඇති. මට ඕක චෝදනාවක් විදිහටත් කරනවා, එකම සෙට් එකක් එක්ක වැඩ කරනවා කියලත්. මම ඒක පිළිගන්නවා. ගෞරවයෙන් පිළිගන්නවා.

● හේතුව?

මම දැන් ටෙලි නාට්‍ය දහසයක් කරල තියෙනවා. ඔය ටෙලි නාට්‍ය දහසයෙන් දාහතරක විතර දස්සා වැඩ කරල තිබෙනවා. හැබැයි කිසිම තැනක දස්සාව හම්බ වෙන්නේ නැහැ. චරිතය තමයි හම්බවෙන්නේ. හේතුව මට ප්ලොට් එකක් ආපු ගමන් මම ඒගොල්ලොත් එක්ක තමයි කතා කරන්නේ. එහෙම තමයි මේ වැඩේ හැදෙන්නේ. ඒගොල්ලන්ට පිටපත දෙන්න කලින් ඒගොල්ලො කතාව සේරම දන්නවා.

මේක කොල්ලෝ හතරදෙනෙකුගේ ආතල් එකක්

● මිනිසීරියස් වැඩේ සාර්ථකද?

හිතුවට වඩා සාර්ථකයි. හියුමන් එරස් එක ඉතාම හොඳ මට්ටමට නිමාවුණා. ඊළඟට ප්ලීස් ෂෙයාර් දිස්. ඒක වෙන මූඩ්එකක තිබ්බා. ජාත්‍යන්තර සම්මාන දිනපු අධ්‍යක්‍ෂවරයාගේ ද අවුට්සයිඩර් කියන නිර්මාණය අගෝස්තු 5 වැනිදා ඉඳලා විකාශය වෙනවා. ඒක අසාමාන්‍ය වැඩක්. එතැනින් පස්සෙ අවු. 55 ක විතර රංගන අත්දැකීම් තිබෙන නිර්මාණ ශිල්පියාගේ පළමු අධ්‍යක්‍ෂණය. මටත් සතුටක් තිබෙනවා ඩබ්ලිව්. ජයසිරිට ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න කියන එකට. ඒ අවස්ථාව මට දෙන්න පුළුවන් වුණා නේ.

● ඔබේ අදහසක් තිබෙනවාද ටෙලි නාට්‍ය රූපවාහිනී නාලිකාවලින් ගලවලා ඩිජිටල් ෆ්ලැට්ෆෝර්ම් එකට අරගෙන එන්න?

මගේ බරපතළ අදහසක් තිබෙනවා ඒක පොඩි නැහැ.

● නාලිකාවලින් සල්ලි හම්බවෙන්නේ නැහැ. කිසි වටිනාකමක් නැහැ. ඒක ඇත්තක්ද?

ඇත්තනේ. කවුරු හරි නැහැ කියනවා නම් එන්න කියන්නකෝ මගෙත් එක්ක කතා කරන්න. අපි වැස්සේ තෙමෙනවා, අව්වෙ පිච්චෙනවා, උදේ පහට ගන්නේ පාන්දර තුනට ගෙදරින් දාන්නේ. වොෂ් එකක් දාගන්නවා වාහනේ පල්ලෙහා තියෙනවා තේ එකක් බීලා ආපහු වාහනයට නගිනවා.

● කලකිරීමක් තියෙනවාද?

මේ මොහොතේ මට කලකිරීමක් නැහැ. හොඳ ශක්තියක් තිබෙනවා. මට දැන් අවුරුදු හතළිහක්. මේ විෂය ඇතුළේ අවුරුදු විසිඑකක්. ඔය එනර්ජි එක නැතිවෙනකොට තමයි කලකිරීම ඇති වෙන්නේ. හැබැයි මම කලකිරීම එන්න කලින් වෙනම ෆ්ලැට්ෆෝර්ම් එකක් හැදුවා. ඒ ෆෝ ඇපල් කියලා. තව අවුරුද්දක් විතර යනකොට මේක හරි ලස්සන තැනක පිච්වෙයි. දැන් හොඳටම වැඩේ පත්තු වෙනවනේ.

● දිනේෂ් විතාන

මේක කොල්ලෝ හතරදෙනෙකුගේ ආතල් එකක්

advertistmentadvertistment
advertistmentadvertistment