මේ දුෂ්කර සමයේ සංයමයෙන් කටයුතු කරන්න – ඇමෙරිකානු තානාපතිනි

131

මෙම දුෂ්කර තත්ත්වයන් හමුවේ සංයමයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව සඳහන් කරන ඇය කියන්නේ පෙට්‍රල් පෝළිම් සහ විදුලි කප්පාදුව දීර්ඝ වන විට මහජන නොසන්සුන්තා වැඩවීම් ද ස්වාභාවික බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා ඉටු නොවනු ඇති බව ද, ඕනෑවට වඩා බලය යොදා කටයුතු කිරීම ගැන ඉක්මනින් විමර්ශනය කළ යුතු බව ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය තම ට්විටර් පණිවුඩයෙන් තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment