මේ වසරේ දින 28ට සංචාරකයෝ 189574 ක් ලංකාවට ඇවිත්

56

මේ වසරේ (2024) මුල සිට ඉකුත් ජනවාරි 28 දක්වා කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189574 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය ලෙසින් පසුගිය ජනවාරි 15 වැනි දා වාර්තා වන අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 8541 ක් වේ.

මෙම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 31920 කි. මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 28159ක්, එක්සත් රාජධානියෙන් 15252 ක් සහ ජර්මනියෙන් 12340ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment