යුද හමුදා මලල ක්‍රීඩා සමාප්ති උත්සවය අනිද්දා

31

59 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය අනිද්දා (31 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර පැවැති 59 වැනි ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල සඳහා රෙජිමේන්තු 21ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 575ක් තරග ඉසව් 26ක් යටතේ තරග වැදුණහ. නව තරග වාර්තා හයක් සමගින් 59වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර පසුගිය 23 වැනිදා නිමාවට පත් විය. තරගාවලියේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව පිරිමි අංශයේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකා කාන්තා බළකාය කාන්තා අංශයේ පෙරමුණේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment