රථවාහන ස්ථානාධිපති රිය අනතුරක  

264

කළුතර – බණ්ඩාරගම මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මොරොන්තුඩුව පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු ඊයේ (15 දා) පස්වරුවේ සුඛෝපභෝගි මෝටර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කළ බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා කුඩා ලොරි රථයක් නවතා පරීක්ෂා කරන අතරතුර බණ්ඩාරගම දෙසින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් අසල තිබූ පලතුරු වෙළෙඳසලකට කඩාවැදී, පරීක්ෂා කරමින් සිටි කුඩා ලොරි රථයේ ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් සුළු තුවාල ලැබූ රථවාහන අංශ ස්ථානාධිපති රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථය ගැලනිගම පිවිසුමෙන් පිටතට පැමිණ කළුතර දෙසට ගමන් කර ඇති අතර, රියැදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක පළකරන බව පොලිසිය කියයි.

සුඛෝපභෝගී ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment