රාජස්තාන් රෝයල් එකට එයි

111

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ලකුණු 3ක තියුණු ජයත් සමගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්තාන් රෝයල් කණ්ඩායම පෙරේදා (10 වැනිදා) සමත්විය. ඒ මේ දකවා තරගාවලියේ සහභාගි වූ තරග 4න් තරග 3ක් ජයගැනීමට සමත් වෙමිනි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්තාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් වාර්තා කිරීමට සමත්විය. ෂිම්රන් හිට්මයර් නොදැවී පන්දු 36කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 59ක් වාර්තා කළේය.

 ලක්නව් නියෝජනය කළ දුෂ්මන්ත චමීරගේ පන්දු වාර හතරදී කඩුලු ලබා නොදී ලකුණු 22ක් ලබා ගැනීමට රාජස්තාන් පිතිකරුවෝ සමත්වූහ.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් ලකුණු පුවරුව පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162කට සීමාවිය. මාක්‍රොස් ස්ටොනිස් පන්දු 17කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 38ක් සහ ක්වින්ටන් ඩිකොක් ලකුණු 39ක් රැස් කළේය.

 සුපිරි පන්දු යැවීමක නිරත වූ යුෂ්වේන්ද්‍ර චාහල් ලකුණු 41කදී ලක්නව් ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment