රාජ්‍ය ආයතන 9 ක් ඈවරයි: අයි.එම්.එෆ්. එකඟතාවක

615

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවයට අනුව රජය සතු ආයතන නවයක කොටස් විකිණීමට අදාළ මූලික පියවර මේ වනවිට සකස් කරමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකන් කේටරින්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, හිල්ටන් හෝටලය, ලිට්රෝ ගෑස් ටර්මිනල්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, ලංකා හොස්පිටල්ස් සහ ග්‍රෑන්ඩ් හයටි රෙසිඩන්සීස් යන සමාගම් හි රජය සතු කොටස් විකිණීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් ලබාගත් විස්තීරණ ණය පහසුකම්වලට අදාළ එකඟතා අනුව රාජ්‍ය ආයතන 14ක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම කොටස් විකිණීම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් සිදු කිරීමට නියමිතය. ඒ සඳහා ආයෝජකයන් තෝරා ගැනීම සහ ආයෝජකයන් කැඳවීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment