රුසියානු හමුදා අද යුක්රේනය ආක‍්‍රමණය කරනවා- බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කරයි

709

අපි නේටෝ සංවිධානයට ඇතුළත් වන්නේ නැහැ- යුක්රේන තානාපති කියාසිටී

රුසියානු හමුදා අද (16දා) යුක්රේනය ආක‍්‍රමණය කරන බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කරද්දී තම රට නේටෝ සංවිධානයට ඇතුළු වීමෙන් වළකින බව යුක්රේන රජය සඳහන් කර ඇතැයි ඊයේ උදේ අපට ලැබුණු වාර්තාවල සඳහන් විය.

මේ බව යුක්රේන තානාපති වැසිලි ප‍්‍රින්ටෙල්කෝ අනාවරණය කර තිබේ. එහෙත් රුසියාව තමන් සතු දුරදිග කාලතුවක්කු සහ රොකට් ප‍්‍රහාර යන්ත‍්‍ර යුක්රේන් දේශසීමාව අසලට ගෙනවිත් තිබේ.

 රුසියානු හමුදා අද යුක්රේනය ආක‍්‍රමණය කරනවා- බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කරයි

මෙයට ප‍්‍රතිචාර ලෙස යුක්රේනය සිය හමුදා සීරුවෙන් තබා ඇත. යුක්රේනය සතුව යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ 13865ක් ද ප‍්‍රහාරක යානා 67ක් සහ හෙලිකොප්ටර් 34ක් ද ඇති බව වාර්තා වේ. මේ අතර ඇමරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව මෙම සති අන්තයේ ප‍්‍රහාර ආරම්භ කරන බවයි. මේ ගැන රුසියානු බලධාරීන් පැවසුවේ යුක්රේනය ආක‍්‍රමණය කිරීමට අදහසක් නැති බවත් බටහිර මාධ්‍ය ගිනි ඇවිළවීමේ මෙහෙයුමක නිරතව සිටින බවත්ය. එම ප‍්‍රකාශය ඇමරිකානු ආරක්ෂක උපදේශක ජේක් සුලිමාන් ප‍්‍රතික්ෂේප කරමින් රුසියානු ජනපති කුමන මොහොතක හෝ ආක‍්‍රමණය ආරම්භ කිරීමට නියෝග කරන බව පළ කළේය. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය අගමැති හා ඇමරිකානු ජනපති බයිඩන් රුසියාව හා යුක්රේනය අතර ඇති වී තිබෙන ගැටුම සමථයකට පත් කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදී සිටින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment