රොෂාන්ගේ නිවසටත් පොලිසිය

742

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට දැනට ලබාදී තිබෙන ඇමැති ආරක්‍ෂක නිලධාරීන් දස දෙනාට අමතරව ඔහුගේ නිවස ආසන්නයටද පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මීට අමතරව ඔහුගේ රාජකාරි නිල සංචාරවලදී පවා අදාළ පළාත්වල පිහිටි පොලිස් නිලධාරීන්ගේද රැකවරණය ලැබෙන බවද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

තමාගේ ජීවිතයට තර්ජන තිබෙන බවට ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රකාශ අනුව ඔහුගේ ආරක්‍ෂාවට ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරීන් 12 දෙනකු යොදවා ඇත.

ඔහුගේ නිවස පිහිටි පළාතේ පොලිස් ස්ථානය මගින් ද ඇමැතිවරයාගේ ආරක්‍ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවා ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment