ලෙන්ඩල් ජාත්‍යන්තර පිටියෙන් සමුගනිද්දී ස්ටොක්ස් එක්දින පිටිය හැර යයි

167

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ලෙන්ඩල් සීමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

 ලේන්ඩල් සීමන්ස් ජාත්‍යන්තර එක්දින තරග 68ක්, විස්සයි විස්ස තරග 68ක් සහ ටෙස්ට් තරග 8ක් ක්‍රීඩාකර තිබේ. එක්දින පිටියේ ශතක 2ක් සහ අර්ධ ශතක 16ක් සමගින් මුළු ලකුණු 2680ක් රැස් කර ඇති ලෙන්ඩල් විස්සයි විස්ස පිටියේ අර්ධ ශතක 9ක් සමගින් මුළු ලකුණු 1527ක් රැස් කර තිබේ. ටෙස්ට් පිටියේ ලකුණු 278ක් රැස් කිරීමටද ඔහු සමත්වී තිබේ.

 මේ අතර සුපිරි එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (19 වැනිදා) පැවැති එක්දින තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමට බෙන් ස්ටොක් තීරණය කර තිබේ.

 එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 104කට ක්‍රීඩා කර ඇති බෙන් ස්ටොක්ස් ශතක 3ක් සහ අර්ධ ශතක 21ක් සමගින් මුළු ලකුණු 2919ක් රැස් කර තිබේ. පන්දු යැවීමේදී ලකුණු 3080ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 74ක් බිඳ දැමීමට ස්ටොක්ස් සමත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment