මැතිනියගේ 107 වැනි ජන්ම දිනයට ශ්‍රීලනිපයේ ගුණ සැමරුම

74

ලොව ප්‍රථම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 ජන්ම දිනය නිමිත්තෙන් ගුණ සමරු උළෙලක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එතුමියගේ පිළිරුව අබිියසදී පෙරේදා 17 පැවැත්විණි.

එහිදී එම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, හිටපු මහ ඇමැතිවරුන් වන ශාන් විජයලාල්ද සිල්වා, සරත් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනි කොළඹ දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රිකාද සොයිසා යන මහත්ම මහත්මීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

මීට සමගාමීව “ඇයයි අපේ අම්මා සිරිමාවෝ” නමින් කීර්තිලතා ලොකුලියනගේ මහත්මිය විසින් රචිත කෘතියක්ද එළිදැක්වීම මෙහිදී සිදුකෙරුණු අතර බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි හෙක්ටර් බෙත්මගේ යන මහත්වරු ද මීට සහභාගි වූහ.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment