ලොරියක් සමග පාලම ඔයට

37

ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම ඊයේ (5 දා) අලුයම කොට පැටවූ විශාල ලොරියක් ද සමග කඩා වැටී ඇත.

පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ මතින් ගමන් කරමින් තිබුණු ලොරිය ඔයට වැටී ඇති අතර අනතුරෙන් ලොරියේ ගමන් කළ කිසිවෙකුට හානියක් සිදුවී නැත. මේ වනවිට තෝරකොළයාය මිද්දෙණිය මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම නැවතී ඇති අතර ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවී තිබේ.

පනාමුරේ-ජයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment