ව්‍යවසායක ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂ නායක ආසියානු සංවර්ධන බැංකු නියෝජිතගෙන් ඉල්ලයි

53

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු‍ රැසක් සම්බන්ධයෙන් පසුගිය(28)දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono මහතා සමග සාකච්ඡා කරන ලදී.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය ව්‍යාපාරිකයන් පිරිසකට ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා හමු වී තම ගැටලු‍ සෘජුවම ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලැබිණි. මීට පෙර දේශපාලන නියෝජිතයන් පමණක් මෙවැනි සාකච්ඡා සඳහා එක්වුවත් මෙහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ටද තම ගැටලු‍ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම කැපී පෙනුණි. එහිදී ඔවුන් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර හරියට කර ගෙන යෑමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිසා රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒනිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සඳහා සාධනීය වැඩ පිළිවෙළක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඊට අමතරව වත්මන් රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.

එහිදී දීර්ඝ කාලයක් පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය ගැටලු‍ ණය ගැටලු‍ රැසක් සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා හා සමග සෘජුවම සාකච්ඡා කිරීමට මෙම හමුවට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි විය. එහිදී මෙම ගැටලු‍වලට කඩිනම් තිරසර විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයාගෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment