විදුලි ගාස්තු සංශෝධනයේ අධිකරණ තීරණය කල් යයි

110


විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීරණය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළේය.
එම පෙත්සම අදසෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා අධිකරණයට ඉදිරිපත් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment