විශ්වාෂභංගය ගොඩ-ලක්ෂ්මන් කිරිඇල්ල

523

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් මේ වන විට අත්සන් කරමින් තිබෙන විශ්වාෂභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර අත්සන් 113 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇතැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා මේ වන විට ලැබී ඇතැයිද කී ඒ මහතා ඉදිරි දිනකදී යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන බවද හෙතෙම කීය.

විශ්වාෂභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මන්තී‍්‍ර ආසන 20ක් ප‍්‍රමාණවත් වුවද මෙය ආණ්ඩු මාරුකිරීම සඳහා ඉදිරිපත් කරන විශ්වාෂභංගයක් වන බැවින් මන්තී‍්‍ර අත්සන් 113 ක් ලබා ගෙන අවසන් වූ පසු ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

විශ්වාෂභංගය සඳහා සජබය, දෙමළ ජාතික සංධානය, ජාතික ජන බලවේගය මෙන්ම ආණ්ඩු පාර්ශවයේ සිට ස්වාධීන වූ කණ්ඩායමේ මන්තී‍්‍ර පිරිසක්ද අත්සන් කළ බව හෙතෙම කීය.

මේ අතර වතු කම්කරු කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් දෙදෙනා ද අත්සන් කිරීමට තීරණය කර ඇතැයි එහි නායක සෙන්දිල් කොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment