වී මිලට මණ්ඩලය ලන්සු තියයි

81

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවම මිල ගණන් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව තෙතමනය සියයට 14% ක් සඳහා වන වී සඳහා නිර්දේශ කර ඇති මිල ගණන් වනුයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 105 ක්ද සම්බා වී කිලෝවක් සඳහා රුපිය්ල 120 ක්ද සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130 කි.

තෙතමනය සියයට 14% කට වැඩි වී සඳහා නාඩු වී කිලෝවක් රුපියල් 90 ක්ද, සම්බා වී කිලෝවක් රුපියල් 100 ක්ද සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120 ක් ලෙස නිර්දේශ කර ඇත.

මෙම වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත සහන ණය පදනම මත රුපියල් මිලියන 50 ක උපරිම ණය මුදලක් ද වී ගබඩාකරුවන් සහ වී එකතු කරන්නන් සඳහා රුපියල් මිලියන 25 ක උපරිම ණය මුදලක් ද රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙතින් ලබා ගැනීමට රජය පහසුකම් සපයා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment