වෛද්‍ය බෙල්ලන පැය 5ක් සීඅයිඩියේ

346

බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන්නේ යැයි සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) පැය 5 ක් පමණ ප්‍රශ්න කළේය.

එහිදී වෛද්‍ය බෙල්ලන විසින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි. එමෙන්ම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග ඉකුත් අප්‍රේල් මාසයේ පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment