ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරග නැරඹීම සියයට 50කට

105

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවෙන් සියයට 50කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (12) නිවේදනය කරයි.

මෙම තරග නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

තරග තුකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය එළඹෙන ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment