ශ‍්‍රී ලංකාව හිර කරන්න ජෝ බයිඩන්ගෙන් නූල් සූත්තරයක්

912

ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ශ‍්‍රී ලංකා විරෝධී රාජ්‍ය නිලධාරිනියක වන බෙත් වැන් ෂිහැක් යුද අපරාධ ගැන සෙවීමේ ජගත් තානාපතිනිය ලෙස පත් කර ඇත.

ඇය මේ වසරේ පෙබරවාරි මස ශ‍්‍රී ලංකාවේ යුක්තිය නමින් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කර තිබුණි. 2021 මාර්තු මස කොටි හිතවාදී පර්ලි සංවිධානය ලන්ඩන් නුවර පැවැත් වූ සමුළුවකටද ඇය සහභාගී වී ඇත. මෙයට අමතරව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිවද චෝදනා නැගූ ඇය ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කර ඇත.

කිර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment