සජීවී ජනතා හමුවේදී නාමල්ට බුකියෙන් දැඩි අප්‍රසාදය

583

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (16 දා) සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී පහසුකම යටතේ ජනතාව හමුවට පැමිණි අවස්ථාවේදී දැඩි අප්‍රසාදයට සහ අනපේක්‍ෂිත ප්‍රතිචාර රැසකට මුහුණ දුන්නේය.

එහිදී හිටපු ඇමැතිවරයකු වූ නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ජනතාව ප්‍රශ්න රැසක් විමසා සිටි අතර ඒවායින් කීපයකට පිළිතුරු ලබාදීමට ද මන්ත්‍රීවරයා විසින් කටයුතු කර තිබිණි.

මෙම සජීවී ජනතා හමුවේදී ඒ මහතාට ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී තිබුණු අතර ඉන් බහුතරයක් සිය ප්‍රතිචාර යොමුකර තිබුණේ මෙම ෆේස්බුක් සජීවී ජනතා හමුව හෑල්ලුවට ලක් කරමිනි.

එහිදී කමෙන්ට් තීරුවේ අදහස් දක්වමින් බොහෝ පිරිසක් නාමල් රාජපක්‍ෂ මහතාට නිවන් සුව ලැබේවා යනුවෙන් පළකර තිබුණු අතර ඇතැමුන් සඳහන් කර තිබුණේ පවුල පිටින් දේශපාලනයෙන් ඉවත්ව යන ලෙසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment