සනත් නිශාන්තගේ අවසන් කටයුතු හෙට

102

ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු අද

හදිසි අනතුරකින් ඉකුත්දා අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු හෙට (28දා) සවස රාජකඳළුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ.

සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ තැම්පත් කර ඇත.

මේ අතර මෙම අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු හෑදෙනිය, මරවනාගොඩදී අද (27දා) සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment