තලෙයිබාන් පාලනයෙන් මාධ්‍ය නිදහසට බලපෑම්

93

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය යටතේ තම මාධ්‍ය නිදහසට සහ මාධ්‍ය අයිතියට දරුණු ලෙස බලපෑම් එල්ලවී ඇතැයි එරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීහු චෝදනා කරති.තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනතාවගේ මූලික අයිතිවාසිකමකි.එය ඇෆ්ගනිස්ථානය තුළ මේ වන විට බරපතල ලෙස උල්ලංඝණය වෙමින් පවතින බව ඔවුහු පවසති.එරට මාධ්‍යවේදියකු වන ෆාර්කුන්කා මෙබී ඒ පිළිබඳව මෙසේ පැවසීය.අපි ආණ්ඩුවේ ආයතනයකට හෝ නිලධාරියෙකුට පණිවිඩයක් යැව්වොත් ඔවුන් එය ගණන් ගන්නේ නැහැ.ඔවුන් අපට ගරු කරන්නේ නැහැ.ඔවුන් අපේ පණිවිඩය බලනවා.නමුත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
මෙි සම්බන්ධව අදහස් දක්වමින් එරට තවත් මාධ්‍යවේදිනියක් පැවසූවේ තලේබාන් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෝ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන තත්ත්වය තුළ සමබරතාවයකින් තොර පුවත් පළවන බවය.ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට යටත්වීමෙන් පසු එරට කථා කිරී්මේ නිදහස,මාධ්‍ය නිදහස මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යන සියල්ල අහිමිවී ගොස් ඇති බව එරට මාධ්‍යවේදීහු පවසති.2021 වසරේ නොවැම්බර් මාසයේ සිට ඇෆ්ගනිස්ථානය තුළ මානව හිමිකම් කඩවීම් 200ක් පමණ වාර්තාවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවල සඳහන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment