සම්ප්‍රදායක් වූ මැති සබේ – ‘වැය ශීර්ෂ කපා හැරීමේ’ යෝජනාව

167

බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ආරම්භයේ සිට පැවති බොහෝ දේ අදට ද අලිඛිතව තිඛෙන නිසා අප පාර්ලිමේන්තු ක්‍රමය ද සැකසී ඇත්තේ එම ක්‍රමය හා එකට ගැට ගැසුන සම්ප්‍රදායන් මතය. අප ද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් නිසා පාර්ලිමේන්තුව ප්‍රමුඛ කරගත් අප රාජ්‍ය පාලනයේදී ද භාවිතා කෙරෙන්නේ එම —වෙස්ට් මිනිස්ටර්˜ මොඩලය මත අපට ද උරුම වූ ආගන්තුක සම්ප්‍රදායන් ය.

පාර්ලිමේන්තුව මගින් සමාජයට අවශ්‍ය යැයි හැෙ`ගන නීති සම්පාදනය හා යෝජනා ඉදිරිපත් කිරීමට අමතරව ආර්ථීකයට දැඩි ලෙස බලපාන ප්‍රමුඛ කාර්ය භාරය ලෙස පිළිගැනෙන්නේ උදා වන වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමයි. මෙහිදී ඉදිරිපත් කරන යෝජනාව මෙරට ආර්ථීකයට සෘජුව බලපාන බැවින් —අය වැය˜ යනු ඉතාමත් සංවේදී හා තීරණාත්මක ලියැවිල්ලකි. එනිසාම එය ඉදිරිපත් කරන දින මෙරට නේවාසික විදේශගත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විශේෂයෙන් ආරාධිතව සහභාගි කරවීම මෙහි ඇති අදාළත්වය වඩාත් තහහුවරු කරවන්නකි. වෙනත් කෙටුම්පත් මෙන්ම අයවැය ලේඛනය ද පළමුවර, දෙවන හා තුන්වන කියවීම්වලින් අනතුරුව බහුතරයෙන් සම්මත වීම එය බලාත්මක වීමට අත්‍යවශ්‍ය සාධකයකි.

සෑම වසරකම ඔක්තෝබර් මස දී ඉදිරි වර්ෂයට අදාළ —අයවැය කෙටුම්පත˜ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා, නොවැම්බර් මස දිනක මුදල් අමාත්‍යවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශ පිළිබඳව වෙන් වෙන්ව සාකච්ඡා කරන කාරක සභා අවස්ථාව සඳහා දින 20 කට ආසන්න කාලයක් වෙන් කෙරේ. මෙය —තුන් වර කියවීම˜ හෝ —කාරක සභා අවස්ථාව˜ ලෙසත් හැ`දින්වේ. එම —කාරක සභා අවස්ථාවේ වැඩසටහන˜ ආණ්ඩු පක්ෂ කාර්යාලයේ ද එකඟතාවය මත සැකසීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැවරෙන රාජකාරියකි. එලෙස එකඟව සකසන —අය වැය කාරක සභා අවස්ථා වැඩපිළිවෙළ˜ කුඩා පොත් පිංච ත්‍රිභාෂාවෙන්ම සකසා මුද්‍රනය කර ඛෙදා හැරේ. එහි අමාත්‍යාංශ සාකච්ඡාවට ලක් වන දින, වෙන් කර ඇති පැය ගණන, ශීර්ෂ අංකය හා අදාළ අමාත්‍යාංශය කුමක්ද යන්න පිළිබඳව මන්ත්‍රීවරුන්ට දැන ගැනීමට හැකිවේ. එලෙස වෙන් කරන කාල සීමාවෙන් සියයට 60 ක වැඩි පංගුවක් විපක්ෂයටත් ඉතුරු සියයට 40 ආණ්ඩු පක්ෂයටත් හිමිවීම ද මෙම විවාදය විපක්ෂයට අයත් එකක් බවට තහවුරු කරන්නකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක යහ ලක්ෂණයක් ලෙස කාලයක් පුරාම සිදු කරමින් ඇති සම්ප්‍රදායානුකූල තත්ත්වයකි.

ඇතැම් වසරවල පාර්ලිමේන්තුවේ දිවා ආහාර ගැනීමට වෙන් කරන වේලාව ද නොගෙන කාරක සභා විවාදය සාකච්ඡාවට බ`දුන් කිරීම මෙම විවාදයට උරුම වටිනාකම මොනවට විදහා පාන්නකි.

ජනතා අපේක්ෂා ඉටු කිරීම සඳහා බහුතර ජනයා විසින් තෝරා ගන්නා ආණ්ඩු පක්ෂය හරහා පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම්වලට අමතරව විපක්ෂයට බලය දුන් ජනයා වෙනුවෙන් වගකීමට ප්‍රවේශයක් සපයාදීම මෙහි තවත් අර්ථයකි.

තුන් වර කියවීමේ දිනය ආරම්භයේ දී කථානායකවරයා විසින් අදාළ අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශවල වැය ශීර්ෂවලට අදාළ අංක කියවා, විවාදය අරඹා අවසන් කිරීමට නියමිත වේලාව වෙන් කර ඇති වේලාව සභාවට දැනුම් දී —වැය ශිර්ෂය කපා හැරීමේ˜ යෝජනාව ඉදිරිපත් කරන ලෙස නාමලේඛනයේ නම සඳහන් විපක්ෂයෙන් නම් කර ඇති ප්‍රථම මන්ත්‍රීවරයාට ආරාධනා කරයි. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ”Move the cut˜ ලෙස හැදින්වේ. මෙම කාර්ය භාරය විපක්ෂයට හිමිවන්නක් නිසා පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් වලින් රුපියල් 10 කින් අඩු කරන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂ කථීකයා තම කථාවට මුල පිරීම අයවැය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන සම්ප්‍රදායක් ලෙස පවතී. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ''Cut motion˜ හෙවත් ''Token amendment˜ ලෙස හැදින්වීම මගින් සංඛේතාත්මක සංශෝධන සම්ප්‍රදායක් බවට තවදුරටත් තහවුරු කෙරේ.

කාරක සභා අවස්ථාව විපක්ෂයේ කාර්ය භාරයක් වන්නක් නිසා රුපියල් 10 කින් අඩු කිරීම තුළින් විපක්ෂය විවාදයට එක් වන බවට දල්වන කොළ එළියක්, සංඥාවක් හෝ ඉ`ගියක් ලෙස ද සැළකේ. තවද, මෙය විපක්ෂයට විවාදයට අවතීර්ණ වීමට පොට පාදා ගැනීමක් ලෙසද ආණ්ඩු පක්ෂයේ අභියෝගය භාර ගැනීමක් ලෙසද සැළකිය හැක. පාර්ලිමේන්තු ක්‍රමයට අපට බි්‍රතාන්‍යයෙන් ලැබුණ රාජ්‍ය පාලන ක්‍රමයක් බැවින් ඊට ආවේනික සම්ප්‍රදායන් අනුගමනය කිරීම මෙහි ප්‍රධාන කාර්ය වේ.

1947 දී මෙම ක්‍රමය ආරම්භ කළ කාලයේ හ`දුන්වා දුන් මෙම රුපියල් දහයේ මුදල එකල ඉහළ වටිනාකමක් ඇති අගයක් ලෙස සැළකුන ද වර්තමානයේ දී ඇත්තේ අල්ප වටිනාකමකි. සැබැවින්ම විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ රජය විසින් වෙන් කර ඇති මුදල වැඩි කර දීමට අදාළව යෝජනා කිරීම මිස වෙන් කර ඇති මුදල අඩු කිරීමට යෝජනා කිරීම නොවන හෙයින් මෙම සම්ප්‍රදාය පිළිබඳව පාර්ලිමේන්තුව තුළම අභියෝගයට ලක් වූ අවස්ථා ඉතාමත් විරලය. ඊට හේතුව මෙතෙක් පැවත ආ කිසියම් හෝ සම්ප්‍රදායකට අභියෝග කිරීම හෝ ඒවා ප්‍රශ්න කිරීමට ලක් කිරීම සම්ප්‍රදාය විරෝධී චරිතයක් වීමට තුඩු දෙන සුළු බැවින් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවීමයි. මේ පිළිබඳ දැනට සටහන්ව ඇති සාක්ෂි සොයා යෑමේ දී මෙම කපා හැරීමේ යෝජනාවේ කිසිදු තේරුමක් නොමැති බැවින් එම රුපියල් 10 මුදල රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරන මහතා 2021 වසර සඳහා 2020 දෙසැම්බර් මස 04 දින සාකච්ඡාවට ලක් වූ නිදහස් ලංකා පාර්ලිමේන්තුවේ 75 වන අයවැය විවාදයට සහභාගි වෙමින් අවඥා සහගතව යෝජනා කර ඇත. මෙම අර්ථ විරහිත සම්ප්‍රදාය ඉවත් කර, අපට අවශ්‍ය හා උචිත සම්ප්‍රදායන් පමණක් ආරක්ෂා කර ගත යුතු බව හෙතෙම මේ පිළිබඳව තම අදහස් දැක්වීමේ දී යෝජනා කෙරිණි.

මෙහි ඇති නිශ්ඵලතාවය පිළිගත් පාර්ලිමේන්තුවේ එවකට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරි වසරට (2021) නියමිත අයවැය සාකච්ඡාවේ දී මෙම කරුණ විපක්ෂය සමඟ සාකච්ඡා කර එකඟත්වයක් මත තීරණයක් ගන්නා බව පැවසූ අතර, ඒ සඳහා කථානායකවරයාගේ ද එකඟත්වය පල කෙරිණි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ බුද්ධික පතිරණ මහතා මෙලෙස කපා දමන රුපියල් 10 ක මුදලින් රුපියලක් වටිනා ලොසින්ජර් 10 ක් හෝ රුපියල් දෙකේ ටොෆි 5 ක් පමණක් මිලදී ගැනීමට සෑහෙන මුදලක් බව පැවසුවේ එම වටිනාකම නැවත වතාවක් කිසියම් සමච්චලයට ලක් කරමිනි. මෙම වචන වල ගැබ් වූ සැබෑ අරුථ වූයේ එදා සිට පැවත එන බවට පැවසෙන මෙවැනි නිශ්ඵල සම්ප්‍රදායන් කිසියම් ලෙසකින් ප්‍රතික්ෂේප කිරීමට බල කිරීමකි.

නැවතත් 2021 දෙසැම්බර් 08 දින පැවති 2022 වසරට අදාළව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන අමාත්‍යාංශයට අදාළ අයවැය විවාදයට සහභාගි වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වැය ශීර්ෂයෙන් රුපියල් 10 ක් කැපීමේ යෝජනාව ඉවත් කිරීමට අදාළව කථානායකවරයා වෙත මීට පෙර අවස්ථා දෙකකදී තමා කරුණු ඉදිරිපත් කළ බවත් කථානායකවරයා ඒ සඳහා එකඟ වූ බවත් තමා මේ සම්බන්ධව ලිඛිතව ද දැනුවත් කර ඇති බවත් —හැන්සාඩ්˜ වාර්තා පෙන්වා දේ. 2021 වසරේ ඉහත කී අමාත්‍යාංශය සඳහා අයවැයෙන් රු. බිලියන 2 ක් වෙන් කර තිබුණ ද 2022 වසරට වෙන් කර ඇත්තේ රු. බිලියනයක් පමණක් නිසා වෙන් කළ මුදල කපන ලෙස ඉල්ලීම වෙනුවට එම මුදල වැඩි කිරීම කළ යුතු බැවින් මෙසේ රු. 10 කින් කැපීමේ සම්ප්‍රදාය හුදු විහිළුවක් බවට හෙතෙම කරුණු දක්වා තිබේ. තවද, එය කපා ඉවත් කිරීම නොව එයට තවත් වැඩිපුර අරමුදල් ප්‍රමාණයක් එක් කිරීම විපක්ෂයේ වගකීම වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත.

අයවැය ලේඛනයට අදාළව ගිය වසරේ කාරක සභා විවාද දිනකදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වර්ජනය කිරීමට තීරණය කළ අවස්ථාවේ එදිනට අදාළ වැය ශිර්ෂය —කට් මෝෂන්˜ ඉදිරිපත් කිරීමට විපක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය නොකිරීම ආන්දෝලනාත්මක කරුණක් බවට පත් වූ අවස්ථාවක් වාර්තා වේ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු විවාදය පවත්වාගෙන යා නොහැකිව දිනට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දීම අවසන් කළ යුතු බවට මතයක් ඇති වී තිබුණද එය සම්ප්‍රදායක් පමණක් බැවින් ඊට පිළියමක් යෙදීමට කටයුුතු කෙරිණි.

ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකි විදියට ඒ ඒ වැය ශීර්ෂවලට අදාළව තමා කථා තුළින් සංශෝධන ඉදිරිපත් කරමින් විවාදය ඉදිරියට ගෙන යන ලෙස උපදෙස් දීම මගින් අදාළ වැය ශීර්ෂය බාධාවකින් තොරව සම්මතවීම ද මේ කරුණට අදාළ ඵෙතිහාසික සංධිස්ථානයකි.

මෙවැනි සම්ප්‍රදායන් සැලකිලිමත් වන විට පාර්ලිමේන්තුවට සමගාමීව පිහිටුවා ඇති පළාත් සභා හා පළාත් පාලන ආයතනවල පාර්ලිමේන්තුවේ ඇති සම්ප්‍රදායන් බොහෝ විට අනුගමනය කිරීම සිදු වුවද ඒවායේ ද අය වැය ඉදිරිපත් කිරීම්වලදී —වැය ශීර්ෂ කපා හරින ලෙස˜ විපක්ෂයට ආරාධනය කරමින් විවාදයට සම්බන්ධ වීමේ සම්ප්‍රදායක් නොමැතිවීම ද විශේෂත්වයකි.

1978 වසරේ එවකට නව රජය විසින් නව අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කළ යෞවන කටයුතු හා රැකී රක්ෂා ට අදාළව වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ එහි කාරක සභා අවස්ථාවට එක්වන පාර්ලිමේන්තුවේ විපක්ෂය හෙබවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නල්ලුර් ආසනය නියෝජනය කළ එම්. සිවසිතම්බරම් මන්ත්‍රීවරයා, එම අමාත්‍යාංශයේ වැය කපා නොහැරීමට පක්ෂය තීරණය කර ඇති බව දන්වා සිටි අතර, එවකට එම අමාත්‍යාංශයේ වගකීම දැරූ අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ප්‍රතිපාදන —කපා හැරීමක්˜ යෝජනා නොකිරීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තුතිය පල කර තිබීමද විශේෂත්වයකි.

නැවතත් වෙළෙඳ, වා‚ජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවට එක් වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වර්තමානයේ ඇති අධික උද්ධමන තත්ත්වය සළකා වැය ශීර්ෂයෙන් රු. 10 ක් අඩු කරන සම්ප්‍රදාය වෙනුවට ප්‍රතිපාදන ප්‍රමාණය රු. 15,000 කින් වැඩි කරන ලෙසට කළ ඉල්ලීම මගින් ද තහවුරු වන්නේ ඉහත සඳහන් පරිදි මෙම සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව පල වූ අදහස් පිළිබඳව අදාළ බලධාරීන් අතර මෙතෙක් එකඟතාවයක් ඇති නොවී ඇති බවයි.

ආනන්ද කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment