සමේ රෝගයට ප්‍රතිකාර ගත් දරුවා කළුතර රෝහලේදී මියයෑම සැකයි!

195

බේරුවල පොලිසියට පැමිණිල්ලක්

වයස අවුරුදු එකොළහක පිරිමි දරුවකු සමේ රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියදී උණ රෝගය උත්සන්නව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයෑම සැකසහිත බවට ඊයේ (13දා) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි බෙනරගම විතානලාගේ විදූෂ රන්දිනු නමැති බේරුවල වලතර කනිෂ්ට විදුහලේ ඉගෙනුම ලබන පිරිමි දරුවකු බව පොලිසිය කීය.

සමේ රෝගයක් වැළඳී ඇති දරුවාට ඉකුත් 10 දා දෙමාපියන් විසින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඉන් පසුව තවත් වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ලබාගෙන ඇත. එක් මධ්‍යස්ථානයක ප්‍රධාන වෛද්‍යවරයා එහි රැඳී නොසිට ඇති බවත්, සහායක වෛද්‍යවරියක ප්‍රතිකාර ලබාදී ඇති බවත් සඳහන්ය. එමෙන්ම දරුවාට ලබාදී ඇති ඖෂධ ආසාත්මිකතාවයක් හේතුවී ඇති බව වෛද්‍යවරයකු විසින් දැනුම් දී ඇතැයි දරුවාගේ පියා පැවසීය.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය අංශය විසින් විවෘත තීන්දුවක් ලබාදී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

බේරුවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment