සයිබර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතන 300 ක විද්‍යුත් ලිපි ගොනු මුදාගනී

132

කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300 ක පමණ විද්‍යුත් ලිපිගොනු ඉලක්ක කරමින් එල්ල කළ සයිබර් ප්‍රහාරය මැඬපවත්වා එය යථා තත්ත්වයට පත් කළ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ විධායක නිලධාරි මහේෂ් පෙරේරා මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි 17 වැනිදා සිට අගෝස්තු 26 වැනිදා දක්වා සිදු වී ඇති බවත් ඉන් රජයේ කාර්යාල 300 ක පමණ විද්‍යුත් ලිපිනයන් 5000 ක පමණ තොරතුරු අස්ථාන ගත වී තිබූ බවත් ඒ මහතා කීය. මෙම අස්ථාන ගත වූ තොරතුරු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිගණක තොරතුරු තාක්‍ෂණික ආයතනය වෙත භාර දී ඇත.

ජනාධිපති කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යංශය, පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන කිහිපයක කාර්යාල මීට අයත් නොවන බව ද පෙරේරා මහතා කීය. වසර 09ක් පැරණි මෙම පද්ධතිය යාවත්කාලීන කිරීමට උත්සාහ කළත් මුදල් ඇතුළු නොයෙක් ගැටලු නිසා එය සිදුකිරීමට නොහැකි වී ඇති බව පැවසූ ඒ මහතා මින් ඉදිරියට එවැනි සයිබර් ප්‍රහාරයකට ලක් නොවන තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරගෙන යන බව කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment