ස්ථූලතාව පාලනය

279

අධික තරබාරුව හෙවත් ස්ථූලතාවය නමින් හඳුන්වන්නේ සිරුරට හානිකර මට්ටමින් අනවශ්‍ය ලෙස මේදය තැන්පත්ව තිබීමය. එනිසා ස්ථූලතාවය නිසා අප රෝග රැසකට ගොදුරුවිය හැකිය.

ස්ථූලතාවය හඳුනා ගැනීම

අපගේ සිරුර ස්ථූලතාවයට පත්ව ඇති නිසා හඳුනා ගැනීමට විද්‍යාත්මකව ඇති නිවැරැදි මිනුම් අගය වනුයේ උසට සරිලන බරක් පවතින්නේ ඇයි කියා හඳුනා ගැනීමය. එය ස්කන්ධ දේහ දර්ශක අගය (Body Mass Index) (BMI) ලෙස හඳුන්වයි. මෙම BMI අගය ලබාගන්නේ සිරුරේ බර කිලෝග්‍රෑම්වලින් මැන ලැබෙන අගය සිරුරේ උස මීටර් වර්ගයෙන් බෙදීමෙනි. සාමාන්‍යයෙන් මෙම අගය 25 ට අඩු නම් ස්ථූලතාවයට පත්ව නැතැයි හඳුන්වයි. 25 ත් 30 අතර අගයක පවතී නම් ස්ථූලතාවයටපත්ව ඇතැයි සලකනු ලබයි. නිරෝගී පුද්ගලයකුගේ මෙම ඊඵෂ අගය 15ක පමණ අගයක පැවැතිය යුතුවේ.

මෙම අගය ක්‍රීඩා කටයුතුවල යෙදෙන්නන්ගේ වෙනස් විය හැකිය. ඔවුන්ගේ සිරුරේ මස් පිඬු වර්ධනය වී ශක්තිමත්ව පැවතීම නිසා බරෙහි වෙනසක් ඇති වුවත් එසේ මස් පිඬු වර්ධනය වී ඇත්තේ අධික මේදය නිසා නොව ප්‍රෝටීන් නිසා බැවිනි.

ස්ථූලතාවය පාලනය

යම් පුද්ගලයෙක් අධික තරබාරුවට ලක්වූ විට දෑත්, දෙපා, මස් පිඬු එල්ලා වැටීම, උදරය ඉදිරියට නෙරා ඒම සහ එහි මස් පිඬු එල්ලා වැටීම, කාන්තාවන්ගේ පියයුරු විශාලවී එල්ලා වැටීම ආදිය දැකිය හැකිය.

ස්ථූලතාවය පාලනය කිරීමේදී පළමුව ඊට බලපා ඇති හේතු හඳුනාගත යුතුය. අධික ලෙස තෙල් සහිත ආහාරපාන ගැනීම නිසා සහ ව්‍යායාමවලින් තොර අලස දිවියක් ගත කිරීම නිසා තරබාරුවට ලක්ව ඇත්නම් එවැනි ආහාර වර්ග පාලනය සහ ව්‍යායාමවල නිරතවීම මගින් ස්ථූලතාවය පාලනය කළ හැකිය.

ඇතැම් පුද්ගලයින්ගේ තරබාරුවට බලපා ඇත්තේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිතතාවයකි. විශේෂයෙන්ම කාන්තාවන්ට මෙම තත්ත්වය බහුලව පවතී. එහිදී හෝමෝන අසමතුළිතතාවය නිසා ස්ථූලතාවයට පත්වීම මෙන්ම ස්ථූලතාවයට පත්වීම නිසා හෝමෝන අසම තුලිතතාවයට පත්වීමද පැවතිය හැකිය. එබැවින් එය හඳුනාගෙන ඔවුනගේ ස්ථූලතාවය පාලනය කළ යුතුය.

ස්ථූලතාවය නිසා මතුවන අතුරු ආබාධ

යම් පුද්ගලයෙක් ස්ථූලතාවයට පත්වූවිට අධි රුධිර පීඩනය, දියවැඩියාව හෘදයාබාධ, ආතරයිටීස් වැනි රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරුවිය හැකිය.

එසේම ලිංගික දුබලතා, හෝමෝන අසමතුලිතතාවයන්, සමේ රෝග ආදියටද ගොදුරුවේ.

ස්ථූලතාවය පිළිකා රෝග ඇතිවීමට ද බලපාන බව හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම ස්ථූලතාවය නිසා කාන්තාවන්ගේ ස්ත්‍රී හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා දරුඵල පමාවීම්ද සිදුවේ.

ආහාර පාලනය

ස්ථූලතාවය පාලනය කිරීමේදී ආහාර පාලනය කළ යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් අනුවය. එහිදී සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලැබෙන ලෙස සමබල ආහාර වේලක් ලබා ගනිමින් ආහාර පාලනය කළ යුතුය. මෙලෙස ආහාර පාලනයේදී උදේ, දවල් සහ රාත්‍රී යන ප්‍රධාන ආහාර වේල් තුන මගහැරීම නොකළ යුතුය. කළ යුත්තේ එම ආහාර වේල් සඳහා ගනු ලබන ආහාර ප්‍රමාණය පාලනය කිරීමය.

අධික මේදය, අධික පිෂ්ඨය සහිත ආහාර සීමාකර එළවළු වර්ග, කෙඳි සහිත ආහාර වැඩිපුර එක්කර ගත යුතුය. ප්‍රධාන වේල් අතරට අමතරව ගනු ලබන ආහාර පාලනය කළ යුතුය. එලෙස කුසගිනි දැනෙන අවස්ථාවක පිරිසිදු ජලය වීදුරුවක් ඔසු කැඳ කෝප්පයක් ආදිය පානය කිරීමට හුරුවිය යුතුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0775109862 ඇමැතිය හැකිය.

ස්ථූලතාව පාලනය

(B.A.M.S) කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය,
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ
උපදේශක සහ ඇමැති උපදේශක කමිටු සාමාජික.
වෛද්‍ය සුජීව විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment