සිසුවකුට පහරදුන් සිසුන්ට ඇප

201

විභාග මධ්‍යස්ථානයේ දී සිසුවෙකු ට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඅඩංගුවට ගත් සිසුන් හය දෙනා මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් 10000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.මෙලෙස මුදල් හා ශරීර ඇප මත මුදා හරිනු ලැබූ සිසුන් හය දෙනා අතර නිවුන් සහෝදරයින් දෙදෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.අප මත මුදා හරිනු ලැබූ සිසුන්ට යළි ඔක්තෝම්බර් මස 20 වැනි අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.කටුගස්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිසුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ගණිතය ප්‍රශ්න පත්‍රය ලබාදුන් පසුගිය (06) දින දහවල් පාසල තුළදී සිදු කර තිබෙන මෙම පහරදීමෙන් තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. විශේෂ අවසරයක් මත එම සිසුවා ඉතිරි ප්‍රශ්න පත්‍ර වලට මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ දී පෙනී සිටියේ ය.තුවාල ලත් සිසුවා සමඟ එකම පන්තියේ අධ්‍යාපනය ලබන සිසු පිරිසක් මෙම පහරදීම සිදු කර තිබුණු අතර ඒ වන විටත් විභාගය පැවැත්මෙන් තිබූ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම විභාගය අවසන් වන තෙක් පොලිසිය විසින් ප්‍රමාද කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment