සෙට්ටිකුලමේ කාමරයක් ඇතුළේ අඹු සැමි යුවළක් ඝාතනය කරලා

326

රන් බඩු අතුරුදන් බව පුතා පොලිසියට කියයි

වවුනියාව සෙට්ටිකුලම නගරයේ වෙළෙඳ සලක් පිටුපස කාමරයක මියගොස් සිටි අඹු සැමි යුවළකගේ මළ සිරුරු පොලිසිය විසින් 30 වැනිදා සොයා ගෙන තිබේ.

මේ අඹුසැමි යුවළ සිය පුතා සමග සිල්ලර වෙළෙඳ සලක් පවත්වා ගෙන ගොස් ඇති අතර දිනපතාම රාත්‍රියට වෙළෙඳ සල වසා දැමීමෙන් පසුව අඹුසැමි යුවළ වෙළෙඳ සලට පිටුපස කාමරයේ නිදා ගැනීම සිරිතක් කොට ගෙන තිබේ.

පුතා රාත්‍රියේ වෙළෙඳ සල වසා දමා නිවසට ගොස් නිදා සිට පසුදින අලුයම වෙළෙඳ සල විවෘත කිරීමෙන් පසුව සිය පියාගේ හා මවගේ මළ සිරුරු දෙක දැක ඒ බව සෙට්ටිකුලම පොලිසියට දැනුම් දී ඇත.

වහාම පොලිසිය පැමිණ මළ සිරුරු දෙක පරීක්ෂා කර බැලීමේදී ඔවුන් දෙදෙනා කිසියම් ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බවට සලකුණු හමු වී ඇත. අවට ප්‍රදේශයේ කළ සෝදිසියකදී මළ සිරුරු අසලම තිබී ලේ තැවරුණු උල් පිහි තුනක් පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ සෙට්ටිකුලමේ පදිංචි 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහම් සහ ඔහුගේ බිරිඳ වන 68 හැවිරිදි චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කනකලක්ෂ්මි යන දෙදෙනා බවට හඳුනාගෙන ඇත.

සෙට්ටිකුලමේ කාමරයක් ඇතුළේ අඹු සැමි යුවළක් ඝාතනය කරලා

සිද්ධිය වූ ස්ථානයට පොලිස් සුනඛයන් රැගෙන විත් සෙට්ටිකුලම පොලිසිය පරීෂණ ආරම්භ කර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත.

මෙම අඹුසැමි යුවළනැවතී සිටි කාමරයේ තිබූ පවුම් පහකට මඳක් වැඩි ස්වර්ණාභරණ කීපයක් අතුරුදන් වී ඇති බව පුතා විසින් පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරීෂණ කටයුතු සඳහා සෙට්ටිකුලම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සෙට්ටිකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment