කූඹින් පලවා හරින්න දියණිය ඇඳ ‘විට්ටමට’ භූමිතෙල් හලලා…. නිදි යහනේ මියගිය මවගේ අභිරහස සොයා පොලිසිය පරීක්‍ෂණ අරඹයි

469

වසර ගණනාවක් දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව ඇඳට කොටුවී සිටි බව කියන 89 හැවිරිදි මව නිදි යහනේදීම ගිනි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනා ලැබූ මියගිය කතගේ 60 හැවිරිදි අවිවාහක දියණිය මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම මරණයට අදාළව ස්ථාන පරීක්‍ෂණය සහ මහෙස්ත‍්‍රත් පරීක්‍ෂණය මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් (7 දා* පවත්වන ලදී. එහිදී අනාවරණය වී ඇත්තේ කටාන තිඹිරිගස්කටුව පදිංචිව සිටි 89 හැවිරිදි යයෝවෘද්ධ මවතම හැට හැවිරිදි අවිවාහක දියණිය සමග හුදෙකලාව නිවසේ පදිංචිව සිට ඇති බවය. පසුව තම මව නිදාසිටි ඇඳට කූඹින් ගොඩවී ඇති බව දියණිය දැක ඇත. ඒ අනුව ඇය කූඹින් පලවා හැරීමට මවගේ ඇඳ අසලට සහ ඇඳ විට්ටමට භූමිතෙල් වත්කර ඇත.

 එහෙත් ඉන් අනතුරුව වියපත් මව නිදාසිටි ඇඳට ගිනිගත් ආකාරය පිළිබඳව පැහැදිලි තොරතුරු ලැබී නොමැත. වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා මරණය සිදුවූ නිවසට ගොස් පරීක්‍ෂා කළ අවස්ථාවේ නිදියහනේදීම ගිනිගෙන ඝාතනයට ලක්වී හඳුනාගත නොහැකිවන පරිදි අඟුරු බවට පත්වී තිබූ සිරුර දක්නට ලැබිණි. වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. අත්අඩංගුවට ගත් සැකකාරිය (දුව* අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය. මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් (53883* නවරත්න බණ්ඩා මහතා පැමිණිල්ල මෙහෙයවිය. මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එහි වාර්තාව සැප්තැම්බර් මස 21 දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ  වෛද්‍යවරයා වෙත අධිකරණය උපදෙස් ලබා දෙන ලදී.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment