සෞඛ්‍ය වර්ජනය හෙටත්..ඇමැතිගෙන් ගෞරවනීය ඉල්ලීමක්

317


සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අද ආරම්භ කළ වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත.සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.වෛද්‍යවරුනට ලබාදෙන ඩැට් දීමනාව තමුනටද ලබා දෙන ලෙස ඉල්ලා මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද සිය අමාත්‍යංශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූවේ ජනතාව ගැන සිතා සිය වැඩ වර්ජනය නවතා සේවයට පැමිණෙන වෘත්තීය සමිති වලින් ගෞරවයෙන් ඉල්ලා සිටින බවය.සෞඛ්‍ය සේවය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා සෑම වෘත්තියකම සේවය අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.වෘත්තීය සමිති ඉල්ලා ඇති දීමනාව සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසඳුමක් ලබාදී ඇතත් එයට එම සමිති එකගවී නැති බවත් අමාත්‍යවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment