ෆයිල් මිටි තියන අනුරටත් දූෂණ විරෝධී පනතට ඡන්දය දෙන්න පුළුවන්

183

පාලිත රංගෙ බණ්ඩාර

දූෂණ වංචා ෆයිල් ගොඩවල් ගෙනත් පෙන්නපු ජාතික ජනබලවේගයේ පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතාට දූෂණ විරෝධී පනතට එකඟ වී එම කාරණා ඔප්පු කිරීමට හැකි යැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

දූෂණ විරෝධී පනත සම්මත කිරීම තුළ රටේ මූල්‍ය වෙළෙඳපොළ හා ආයෝජනවලට ඉතාම හොඳ පදනමක් දැමීමේ හැකියාව පවතින බවද ඒ මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

වර්තමාන විශ්වවිiාල ශිෂ්‍යයා දේශපාලනීකරණයට ලක්කර ඇති බවත් ඔවුන් අවුරුදු ගණනාවක් එම විiාල තුළ රඳවා ගනිමින් ඉගෙන ගන්න නොදෙන ක්‍රමවේදයක් ඇති බවත් එයද රට ආපස්සට අරගෙන යෑමක් බවත් බණ්ඩාර මහතා කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය හැමදාම රට වැටිච්ච අවස්ථාවල රටේ ආර්ථිකය ශක්තිමත් කළ බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමයේ රටේ ආර්ථිකය රින එකයි දශම අටකට අඩුව තිබියදී රටේ ආර්ථිකය ගොඩගත්තේ ද එජාපය බවත් ඒ ආකාරයෙන් 2015 රට වැටී තිබියදී අගමැතිවරයා ලෙස කටයුතු කරමින් වත්මන් ජනාධිපතිවරයා රට ගොඩගන්න යළිත් ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment