කෘතහස්ත චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

100

පෑනෙන් තෙළි තුඩෙන් තම ප්‍රතිභාව විදහා පෑ කෘතහස්ත චිත්‍ර ශිල්පියකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

චිත්‍ර කතා මාධ්‍යයට තම තෙලි තුඩින් අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ තලගොඩ ජයසිංහයන් පුවත්පත් සඳහා අඳින ලද සිත්තම් විශාල ප්‍රමාණයකි. ඔහු මියයන විට 88 වැනි වියේ පසුවිය.

1956 දී ලේක් හවුසියෙන් මාධ්‍ය ජීවිතය ඇරඹූ ඔහු සිරිමා ජයසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයයි. ඒ මහතා පුතුන් සිව් දෙනකුගේ හා එක් දියණියකගේ පියාණන් ද වේ. ‘මධුර’ චිත්‍ර කතා පත්‍රයේ කර්තෘ පදවිය ද හෙබවූ ඔහු පසුව ලංකාදීප ඇතුළු පුවත්පත්වල කාටුන් එමෙන්ම ග්‍රන්ථ රාශියක ‘කවර’ද ඔහු විසින් සිත්තම් කර තිබේ. ඒ මහතා ගේ අවසන් ඉල්ලීම වී ඇත්තේ සිය අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත කළ යුතු බවය. ඒ අනුව කොළඹ බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙ.ව 11.30ට බොරැල්ල කනත්තේදි සිදුකරන බව පවුලේ සාමාජිකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment